ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින්භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව මුදල් අමාත්‍යාංශය විසින් අතහිටවනු ලැබුවා.එසේ ආනයනය තාවකාලිකව අත්හිටවු ද්‍රව්‍ය අතර,
ජලය, යෝගට්, චොකලට්, පොල්, දියර පොල්කිරි, පොල් මගින් නිෂ්පාදිත අරක්කු, ධාන්‍යමය ආහාර සහ කජු ඇතුළත් වන අතර කාන්තා හා පිරිමි නිමි ඇඳුම්, කාන්තා හා පිරිමි යටඇඳුම්, කාන්තා හා පිරිමි රාත්‍රී ඇඳුම් වර්ග, ළමා ඇඳුම්, පිහිනුම් ඇඳුම්, ටයි වර්ග, ශීත කබා, ජැකට් වර්ග, පාවහන්, හිස්වැසුම්,ආරක්ෂිත හිස්වැසුම්, කුඩ, රබර් අත්පැළඳුම්, හම් ආශ්රිත නිෂ්පාදන ද ඇතුළත්. සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා මෙවලම් උපාංග, ෂැම්පු වර්ග, වැසිකිලි ආශ්රිත සනීපාරක්ෂක ද්‍රව්‍ය එමෙන්ම රැවුල කැපීමේ උපාංග, කොණ්ඩා සැකසුම් උපාංග, අව් කණ්නාඩි, අත්ඔරලෝසු වර්ග, සංගීත භාණ්ඩ, සැරසිලි සඳහා යොදාගන්නා විදුලි බුබුලු ඊට අයත් වනවා.
බෝනික්කන්, ට්රයිසිකල් ඇතුළු රෝද සහිත සෙල්ලම් භාණ්ඩ හා උත්සව සැරසිලි ද ආනයනය තහනම් කළ භාණ්ඩ අතරයට අයත් වෙයි.ටයිල්, ගඩොල්, සෙරමික් වර්ග හා බැටරි වර්ග ද සෙරමික් පයිප්ප, වැහිපීලි, මුළුතැන්ගෙයි උපකරණ, පිහි, මේස උපකරණ, ඉබි යතුරු, පොම්ප වර්ග හා බේකරි විදුලි උඳුන් ද ආනයනය තහනම් කර තිබෙනවා.
ඉදිකිරීමේ මෙවලම් කෘෂිකර්මාන්තයේදී බිම් සකස් කිරීමට යොදාගන්නා යන්ත්රසූත්ර, පශු සම්පත් නිෂ්පාදනයේදී යොදාගන්නා යන්ත්රසූත්ර, මුද්‍රණ කර්මාන්තයේදී යොදාගන්නා යන්ත්රසූත්ර, රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයේදී යොදාගන්නා යන්ත්රසූත්ර, ජලනළ උපාංග ද ආනයනය අත්හිටවු ද්‍රව්‍ය අතරට අයත් වනවා.














It does not matter. But you have to ensure that the lrices of those goods &.equipments will not go high with the local products. When the demand goes high of local products, the prices also go hike. A stupid man’s decision to ban imports.
Wait & See. People will again hit all you. Inevitable incidents.
ඔව්.වඩාත් හොඳයි.මෙවැනි දේවල් ආනයන කරන එක බොහෝ කලකට පෙර ගත යුතු තීරණයක්,(better late than never)නමුත් මෙය සංදර්ශනයකට ගන්න තීරන වගේ බොහෝ දුරට පේනවා.තමන් ලවාම මෙය ලාංකීය නිෂ්පාදනයට නව මුහුණුවරක් දීමට තැත් කරන රජයක් බව අඟවන්න කරන නාඩගමක්.ඕනෑම දැඩි තීරණයක් ගන්නට පෙර අපේ ground level එක සාදාගන්නා අවශ්‍යයි.එයට අවශ්‍ය මුලික පහසුකම් සහ අමුද්‍රව්‍ය ගෙන්වන්නට ඇති ඉඩකඩ.අනෙක අපෙ රටේ ක්ෂනිකව නිශ්පාදනය කල හැකි හා නොහැකි භාණ්ඩ හඳුනාගත යුතුය.විශේෂයෙන් ඉගෙනීම් කටයුතුවලට අවශ්‍ය උපාංග.telescope, binoculars.etc.laws could be implemented,but has to be practically possible to make it possible.