ආනන්දසංගරීගේ පුත්‍රයාට කැනඩාවේ කැබිනට් ඇමති ධූරයක්

ශ්‍රී ලංකාවේ උපත ලබා මේවන විට කැනඩාවේ වෙසෙන එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරීට (gary anandasangaree) එරට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් සිදුකළ කැබිනට් සංශෝධනයේදී ගැරී ආනන්දසංගරීට මෙලෙස අමාත්‍ය ධූරයක් හිමිව ඇති බවයි.

කැනඩාවේ කිරීටය හා ආදිවාසී සබඳතා අමාත්‍ය ධූරය යි ගැරී ආනන්දසංගරීට හිමිව ඇත්තේ.

ඔහු මීට පෙර කැනඩාවේ කිරීටය සහ ස්වදේශික සබඳතා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත්, එරට උරුමයන් සහ බහු සංස්කෘතික අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත් කටයුතු කර තිබෙනවා.

ගැරී ආනන්ද සංගරී මහතා, කැනඩාවේ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

ගැරී ආනන්දසංගරී යනු ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීගේ පූත්‍රයායි.

කැනඩාවේ පදිංචි බහුතරයක් වන දෙමළ ජනතාවගේ ගැටලු එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ගැරී ආනන්දසංගරී මහතා හරහායි.

ගැරී ආනන්ද සංගරී මහතාගේ පියා වන ආනන්දසංගරී මහතාද මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු වර්තමානයේ කිලිනොච්චියේ පදිංචිව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41