මාස 03කට ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවශ්‍ය පියවර ගැනීමට අනුමැතිය

පවතින තත්ත්වය මත මාස තුනක කාලයක් සඳහා සම්මත මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් පරිබාහිරව ඛනිජතෙල්, ඒ ආශ්‍රිත නිෂ්පාදන, ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින භූ – දේශපාලනික නොසන්සුන්තාව සහ සන්නද්ධ ගැටුම් හේතුවෙනුයි ගෝලීය බලශක්ති වෙළෙඳපොළ මේ වන විට දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇත්තේ.

ශ්‍රී ලංකාව ආනයනික ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු මත සම්පූර්ණයෙන්ම යැපෙන බැවින්, එම තත්ත්වය රටේ බලශක්ති සැපයුමට සහ සුරක්ෂිතතාවට සෘජු හා ක්ෂණික බලපෑමක් සිදු කර තිබෙනවා.

පවතින ගැටුම්වල සෘජු ප්‍රතිඵලයක් ලෙස නැව්ගත කිරීම් අවලංගු වීම, රක්ෂණ සේවා සපයන්නන් රක්ෂණාවරණ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම, සැපයුම්කරුවන් දිගුකාලීන ගිවිසුම්වලට එළඹීමට අකමැත්තක් දැක්වීම ආදී හේතූන් මත අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා තාවකාලික සහ නම්‍යශීලී ප්‍රසම්පාදන රාමුවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව සඳහන්.

ඒ, අනුව ඉදිරියේ දී පැන නැගෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විමසමින්, මාස 03ක කාලයක් සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් පරිබාහිරව ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38