අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් – අනවශ්‍ය තොග රැස්කරගැනීම් එපා (වීඩියෝ)

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්වල සුළු වැඩිවීමක් සිදුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසනවා.

අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග මිල ගණන්වල සුළු වැඩිවීමක් සිදුව ඇති බවයි.

නැව් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ භාණ්ඩ හිඟයක් ඇතිවේයැයි බියෙන් වෙළඳසැල් හිමියන් සහ තොග වෙළෙඳුන් අනවශ්‍ය ලෙස තොග රැස්කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඒ අනුව ඔහු වෙළඳසැල් හිමියන් සහ තොග වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කළේ එවැනි ආකාරයේ අනවශ්‍ය තොග රැස්කර ගැනීමක් සිදුනොකරන ලෙසයි.

එමෙන්ම එළඹෙන උත්සව සමය වෙනුවෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇනවුම් සිදුකර ඇති බවත්, අවශ්‍ය තරමට භාණ්ඩ තොග පවතින බවයි ඔහු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43