ආදුරුප්පුවීදිය පොලිස් මැදිරියේ සිටි දෙදෙනෙක්ට වස දුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

පසුගිය 07 වනදා ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ දී සැකකරුවන් දෙදෙනෙකුට වස මිශ්‍ර කිරි පැකට්ටුවක් පානය කිරීමට සලස්වා ඔවුන්ව ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ආරම්භ කර තිබූ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් දෙදෙනා අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වන බවයි පොලිසිය පැවසුවේ.

වත්තල සහ කොටහේන ප්‍රදේශවල දී මෙම සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 25 සහ 32 යන වයස්වල පසුවන වත්තල සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකරුවන්‍.

පසුගිය ජනවාරි 24 වනදා ආදුරුප්පුවීදිය පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රදවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක්ට මොව්‍ය්න් විසින් වස මිශ්‍ර කිරි පැකට්ටුවක් පානය කිරීමට සලස්වා ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?