ආදුරුප්පුවීදිය පොලිස් මැදිරියේ සිටි දෙදෙනෙක්ට වස දුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

පසුගිය 07 වනදා ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ දී සැකකරුවන් දෙදෙනෙකුට වස මිශ්‍ර කිරි පැකට්ටුවක් පානය කිරීමට සලස්වා ඔවුන්ව ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ආරම්භ කර තිබූ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් දෙදෙනා අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වන බවයි පොලිසිය පැවසුවේ.

වත්තල සහ කොටහේන ප්‍රදේශවල දී මෙම සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 25 සහ 32 යන වයස්වල පසුවන වත්තල සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකරුවන්‍.

පසුගිය ජනවාරි 24 වනදා ආදුරුප්පුවීදිය පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රදවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක්ට මොව්‍ය්න් විසින් වස මිශ්‍ර කිරි පැකට්ටුවක් පානය කිරීමට සලස්වා ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51