AFC Banner
AFC Banner
Empty Ad

ආදාහනය කළ බිළිඳු සිරුර ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ගත් තීරණය

පසුගිය දා කොවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත් වූ දින 21ක් වයසැති බිළිඳෙකු ආදාහනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන්නැයි සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 22) නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.

අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අද  ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් එම පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ, කොවිඩ් මරණය ආදාහනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැනටමත් තීරණයක් ලබා දී ඇති බැවින් එම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා වගඋත්තරකරුවන්ට අද දින සිට සති හයක් කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 29 වන දා කැඳවන බව නියෝග කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?