“ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටයේ කොටස් අවසරයකින් තොරව භාවිතය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

“ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්” (Clarence – Rhythm of the Guitar) චිත්‍රපටයේ නිෂ්පාදක වන ආර්ට් මූවිස් (පුද්ගලික) සමාගම (Art Movies (Pvt) Ltd) විසින් පවරන ලද CHC/07/2026/IP අංක දරණ නඩුවට අදාළව බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් පසුගිය 17 වන දින අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන්නේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක සුරේෂ් කණිෂ්ක මාලියද්ද ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව පවරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

නඩුවේ 1, 2, 3, 5 සහ 6 වන විත්තිකරුවන් වන සුරේෂ් කණිෂ්ක මාලියද්ද, උරේශා රවිහාරි, නෙලුක විජේසූරිය, ජ/පුර ඇලුමිනි ඕස්ට්‍රේලියා සහ ලක් ඉවෙන්ට්ස් ඕස්ට්‍රේලියා යන පාර්ශවයන් වෙත නඩු විභාගය අවසන් වන තෙක් තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.

ඒ අනුව “රිදම් ඔෆ් ද ගිටාර්” ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයේ ආර්ථික අයිතීන් භාවිත කිරීම හෝ එහි අඩංගු පැමිණිල්ලේ සඳහන් ගීතවල අනුවර්ථනය කරන ලද සංස්කරණයන් අවසරයකින් තොරව ඔවුන්ට භාවිත කිරීම තහනම් වනවා.

තවද සමාගමේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කරමින් “සඳ එක් දිනක්”, “සිහින ලොවක්”, “Rhythm of the Guitar” සහ “Rhythm of Love” වැනි චිත්‍රපටයට සම්බන්ධ නාමයන් යටතේ ප්‍රසංග පැවැත්වීම, ප්‍රචාරයන කිරීම හෝ මහජනයාට කරුණු ඉදිරිපත් කිරීම අධිකරණය විසින් වළක්වා තිබෙනවා.

මීට අමතරව 2026 පෙබරවාරි 21 වන දින බුන්ජිල් ප්ලේස් (Bunjil place), මෙල්බන්, ඕස්ට්‍රේලියා හී පැවැත්වීමට නියමිත ප්‍රසංගය පැවැත්වීම සඳහා වූ ඉල්ලීමක් සම්බන්ධයෙන් පාර්ශ්වයන් අතර ඇති වූ එකඟතාවයක් මත කොන්දේසි සහිත අවසරයක් හිමිවුණා.

ඒ, අනුව අදාළ ප්‍රසංගය් චිත්‍රපටයට හෝ එහි සංගීත නිර්මාණ වලට සමබන්ධ බවට කිසිදු ප්‍රචාරණයක් සිදුනොකළ යුතුයි.

විවාදයට තුඩු දී ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ හෝ ගීතවල අනුවර්තන ඉදිරිපත් නොකළ යුතු වන අතර, 5 වන විත්තිකරු විසින් මෙම ප්‍රසංගය සහ “රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටය අතර කිසිදු සමබන්ධයක් නොමැති බවට පැහැදි කිරීමක් ප්‍රසිද්ධ කළ යුතු වනවා.

විශේෂිත කරුණක් වන්නේ 21 වන දින පැවැත්වීමට නියමිත ඉහත ප්‍රසංගයේ අමතර කොන්දේසියක් ලෙස මහනුවර මහ රෝහලේ පිළිකා ඒකකකය වෙත රුපියල් 1,000,000 ක (මිලියනයක) මුදලක් 2026 මාර්තු 21 දින හෝ එදිනට පෙර ගෙවන ලෙස විත්තිකරුවන්ට අධිකරණය නියෝග කළා.

මෙම නඩුව සඳහා ආර්ට් මූවීස් (පුද්ගලික) සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සමඟ සමිත් ප්‍රනාන්දු, ශෙහානි අල්විස් සහ නාමික් නෆාත් යන නීතිඥවරු පෙනී සිටි අතර, උපදෙස් ලබාදෙන ලද්දේ නීතිඥ තුෂාරා සමන්පාලි අමරසිරි විසින්.

නඩුවේ අවසන් තීන්දුව ලැබන තෙක් මෙම අතුරුතහම් නියෝගය බලපැවැත් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37