ආදාහනය කළ බිළිඳු සිරුර ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ගත් තීරණය

පසුගිය දා කොවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත් වූ දින 21ක් වයසැති බිළිඳෙකු ආදාහනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන්නැයි සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 22) නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.

අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අද  ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් එම පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ, කොවිඩ් මරණය ආදාහනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැනටමත් තීරණයක් ලබා දී ඇති බැවින් එම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා වගඋත්තරකරුවන්ට අද දින සිට සති හයක් කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 29 වන දා කැඳවන බව නියෝග කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09