ඇමරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති හමුවෙයි

ඇමරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීවන් තෝමස් කොහෙලර් පෙබරවාරි 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වනවා.

එම සංචාරය අතර තුර ඔහු ඊයේ (20) කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර හමුවුණා.

එහිදී ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය මුහුණ දෙන පොදු ආරක්ෂක අභියෝග, සමුද්‍රීය ආරක්ෂාව, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ දෙරටේ අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවස්ථා මෙන්ම සමුද්‍රීය විෂයපථය පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කිරීම ආදී වැදගත් කරුණු රැසක් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට විශේෂයෙන්ම මෙරට නාවික හමුදාවේ හැකියාවන් ඉහළ නැංවීමට සහ මෑතකදී ඇති වූ ‘දිට්වා’ ස්වභාවික ආපදා තත්ත්වයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් හදිසි මානුෂීය ආධාර හා සහයෝගය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිය කෘතඥතාව පළ කළා.

නීතිවිරෝධී ජාවාරම් ඇතුළු දේශසීමා ඉක්මවා යන අපරාධ සහ අනෙකුත් නූතන අභියෝගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වූ පොදු කැපවීම මෙම සාකච්ඡාවලදී ඉස්මතු වුණා.

ඒ සම්බන්ධයෙන් වඩා පුළුල් පරාසයක දැනුවත්භාවයක් ලබාගැනීම සඳහා උසස් තාක්‍ෂණික ක්‍රමවේද සහ සම්බන්ධිත මෙහෙයුම් ඒකාබද්ධ කිරීම කෙරෙහි මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වුණා.

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කාර්‍යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් නව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකාවක් ලබාදීම තුළින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙරට මුහුදු සීමාව තුළ පවතින ආරක්‍ෂක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන වැදගත් පියවරක් ලෙස හඳුනා ගන්නා ගනු ලැබුවා.

දෙපාර්ශවය අතර දැනට පවතින ආරක්‍ෂක සහ පුහුණු සහයෝගීතාව මෙන්ම ඒකාබද්ධ අභ්‍යාස, පුහුණු වැඩසටහන් සහ සහයෝගී මුලපිරීම් හරහා සම්බන්ධීකරණය වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

සමුද්‍රීය ආරක්‍ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ වැඩිදියුණු කළ ආරක්ෂක සහයෝගීතාව යන පොදු අරමුණු වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම අද්මිරාල්වරයා මෙහිදී යළිත් තහවුරු කළා.

මෙම හමුව සඳහා පැසිෆික් නාවික බලඇණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06