2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයින් පස්දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව මැතිවරණය කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මග පෙන්වීම සඳහා මෙම වාර්තා යොමුකර ඇති බවයි.
2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ, සියලුම අපේක්ෂකයින් සවිස්තරාත්මක ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා.
එම වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් 13 දෙනෙකුට එරෙහිව පියවර ගන්නා ලෙස කොමිසම තවදුරටත් පොලිසියට උපදෙස් දී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





