ආදරවන්තයින්ගේ දිනයේ සිදුවීමට යන විනාශයක් ගැන අනතුරු ඇඟවීමක්

ඔලිම්පික් තරග සඳහා යොදාගැනෙන පිහිනුම් තටාකවල ප්‍රමාණයකට සමාන ප්‍රමාණයක උල්කාපාතයක් පෘථිවියේ ගැටීමට ඉඩකඩ පවතින බවට නාසා ආයතනය පවසනවා.

නාසා විද්‍යාඥයින් අද නිකුත්කළ නිවේදනයක සඳහන් වී ඇත්තේ මෙය සිදු වන්නේ 2046 වසරේ පෙබරවාරි 14 දා එනම් ආදරවන්තයින්ගේ දිනයේදී බවයි.

සූර්යයා වටා කක්ෂගත වන 2023 DW ලෙස නම් කරන ලද ග්‍රහකයේ විශ්කම්භය අඩි 165ක් (මීටර් 50ක්) හෝ ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයක දිගට සමාන වන බව සඳහන්.

පෙබරවාරි 27 වැනිදා මෙය හඳුනාගෙන ඇති අතර මෙම ග්‍රහකය 2046 පෙබරවාරි 14 වන දින වන විට පෘථිවියට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට වසර මිලියන 66 කට පෙර පෘථිවියට කඩා වැටුණු දළ වශයෙන් සැතපුම් 7.5ක් පළල ඩයිනෝසෝරයන් මරා දැමූ ග්‍රහකය මෙන් මෙවැනි පාෂාණයකින් සෘජු බලපෑමක් හෝ ව්‍යසනකාරී තත්වයක් ඇති නොවන බවට විශ්වාස කෙරෙනවා.

කෙසේ වෙතත්, 2023 DW ග්‍රහකය ප්‍රධාන නගරයකට හෝ අධික ජනාකීර්ණ ප්‍රදේශයකට ආසන්නව කඩා වැටීමට ලක් වුවහොත් එමගින් දරුණු හානියක් සිදු කළ හැකි බවටයි නාසා විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ.

2023 DW ප්‍රමාණයෙන් අඩකට වඩා අඩු උල්කාපාතයක් 2013 වසරේ දී රුසියාවේ Chelyabinsk ප්‍රදේශයේදී පුපුරා ගිය අතර, එමගින් ගොඩනැගිලි දහස් ගණනකට හානි වූ අතර දළ වශයෙන් 1,500 දෙනෙකුට තුවාල සිදු වී තිබුණා.

මෙවැනි අනතුරුදායක ග්‍රහක වලින් පෘථිවිය ආරක්ෂා කිරීම සඳහා මේ වන විට ක්‍රමවේද වේගයෙන් සංවර්ධනය කරමින් සිටින බව සඳහන්.

පසුගිය සතියේ, NASA විද්‍යාඥයින් විසින් අධ්‍යයන හතරක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ද්විත්ව ග්‍රහක යළි යොමු කිරීමේ පරීක්ෂණය (DART) මෙහෙයුම මගින් අභ්‍යවකාශය තුළදී ම සෘජුවම ග්‍රහකයකට පහර දීමෙන් පසු කුඩා ග්‍රහකයක නම් ගමන් පථය සාර්ථකව වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ග්‍රහලෝක ආරක්ෂක තාක්‍ෂණයේ සඵලතාවය තවදුරටත් ඔප්නැංවීම සඳහා පසු විපරම් මෙහෙයුම් දැනට ක්‍රියාත්මක කෙරෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ දත්තවලට අනුව මෙම ග්‍රහකය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 625න් 1ක් ලෙස ගණනය කර ඇති අතර නාසා ආයතනය පෙන්වා දී ඇත්තේ එය 560න් 1ක් බවටයි.

නාසා ආයතනය එහි අවදානම් ලැයිස්තුවේ ටොරිනෝ බලපෑම් උපද්‍රව පරිමාණයෙන් 10 න් 1 ක් ලෙස ශ්‍රේණිගත කළ එකම වස්තුව මෙයයි. එය අභ්‍යවකාශ වස්තූන් පෘථිවියට පහර දීමේ තර්ජනයක් ඇති කළ හැකි අවදානම මනින මිණුම් ලකුණක්.

ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ජනතාව කලබල නොවිය යුතු අතර මෙම ග්‍රහකය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව බොහෝ දුරට අඩු බවයි සඳහන් වන්නේ.

සිදු කෙරෙන දත්ත සහ විශ්ලේෂණයන් මගින් වැලන්ටයින් ග්‍රහකය පෘථිවිය හා ගැටීමේ හැකියාව වෙනස් කළ හැකි බව එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.

මෙවැනි ග‍්‍රහක මුලින්ම සොයා ගන්නා විට ඒවා තර්ජනාත්මක ලෙස පෙනුන ද වැඩි වැඩියෙන් නිරීක්ෂණ සහ තොරතුරු එක්රැස් කර විශ්ලේෂණය කරන විට, එමගින් පෘථිවියට සිදු වන හානියේ තර්ජනය අඩු බවට පැහැදිළි වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?