AFC Banner
Empty Ad
Empty Ad

ආදරණීයම වයෝවෘද්ධ යෝධ පැන්ඩාවන් යුවළ යළි මව්බිමට

ජපානයේ සිටි ආදරණීයම වයෝවෘද්ධ පැන්ඩා යුවළ චීනය වෙත දැඩි ආරක්ෂාවක් යටතේ යවා තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; මොවුන් දෙදෙනාම චීනයේ උපත ලද සතුන් බවත්; අධික රුධිර පීඩනයෙන් පෙළෙන බැවින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම පිණිස ඔවුන්ගේ මව් රටට යැවූ බවයි.

ඊයේ (29) දිනයේ දී මෙම ආදරණීය පැන්ඩාවන් ජපානයෙන් පිටත් වීමට පෙර ඔවුන්ට ආදරය දක්වන විශාල ජනකායක් ජපානයේ තෝකියෝවේ ඇති යූනෝ සත්ත්ව උද්‍යානය වෙත පැමිණ සිටියා.

ජපානයේ ආදරණීය වයෝවෘද්ධ යෝධ පැන්ඩාවන් ලෙස සැලකෙන ‘ෂින් ෂින්’ සහ ‘රි රි’ 2011 වසරේ මාර්තු මාසයේදීයි ජපානයට පැමිණි අතර ඔවුන් වයසින් 19 හැවිරිදි වනවා.

ඒ එම මාසයේ දී ජපානයට බලපෑ භූ කම්පාවකින් හා සුනාමියකින් මාස කිහිපයකට පසුව රට යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුවයි.

එදා සිට මේ දක්වා විශාල නරඹන්නන් ප්‍රමාණයකගේ අසීමිත ආදරය දිනාගන්නට මෙම වයෝවෘද්ධ පැන්ඩා යුවළ සමත් වුණා.

ඒ නිසා බොහෝ දෙනෙක් අතර මෙම පැන්ඩාවන් ප්‍රසිද්ධ වූයේ ආදරණීයම වයෝවෘද්ධ පැන්ඩා යුවළ ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?