කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රටේ දේශපාලනය කළඹවමින් ගිනියම් කරමින් තිබිණි. එහෙත් එය අවසානයේ සන්සුන් හා සාමකාමී විසඳුමකින් නිමාවට පත්විය. ඒ සටනේදී ද ආණ්ඩුවේ අභ්යන්තරෙය් සිටිමින් සුවිශේෂී භූමිකාවක නියැලුණ කර්මාන්ත ඇමැති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග මේ සංවාදය ඒ සටන ගැන හා රටේ අනාගත දේශපාලන පෙළගැසීම් සම්බන්ධයෙනි.
ප්‍රශ්නය:- කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න ගිය ආණ්ඩුව අන්තිමට වෘත්තීය සමිති ව්‍යාපාරය ඉදිරිපිට දණ නැමුවා?
පිළිතුර:- ආණ්ඩුව සිය කැමැත්තෙන් නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන්න හිටියේ නැහැ. පහුගිය ආණ්ඩුව 2017 දී මලික් සමරවික්‍රම ඇමැතිවරයා එවකට හිටපු ඉන්දීය විදේශ ඇමැතිනිය එක්ක එකඟ වෙච්ච ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුමේ තියෙනවා වරායේ පර්යන්තයක් ඇතුළු ව්‍යාපෘති 10 ක් ඉන්දියාවට දෙනවා කියලා. 2019 දී සාගල රත්නායක අමැතිවරයා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා ඉන්දියාව හා ජපානය එක්ක. ඒකේ කෙළින්ම කියනවා නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන්න වරාය අධිකාරිය ජපානයෙන් ණයක් ගන්නවා. ඒකට පොළියත් ගෙවනවා. ඒක පාලනය කරන්න ඉන්දීය – ජපන් හවුලකට දෙනවා කියලා. මේ ගිවිසුම් සමග ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික බැඳියාවන් අතර ගැටුමක් තමයි ආණ්ඩුවට තිබුණේ. ඒ බලපෑම හැකිතාක් අවම කරගන්න පුළුවන්ද කියන එක තමයි මුල් කැබිනට් පත්‍රිකාවෙන් උත්සාහ කළේ.
ප්‍රශ්නය:-නමුත් දෙවැනි කැබිනට් පත්‍රිකාවෙන් පර්යන්තය දෙන්න යෝජනා කරනවා?
පිළිතුර:- එහෙම නොවෙයි. බලපෑම අවම කරගන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක නැහැ. අපි ඉදිරිපත් කරන වරාය අධිකාරියට හිතකර යෝජනාවන් සඳහා අදානි සමාගම එකඟ නෑ. ඒ නිසා ඒ මුල් යෝජනාව ගැන හිතලා වැඩක් නෑ. අපි දැන් තීරණය කළ යුතුයි. වරාය අධිකාරිය මගින් සංවර්ධනය කර පවත්වාගෙන යා යුතුයි කියලා. එහෙම නැතිව මුල් ක්‍රියාවලිය ආණ්ඩුව සිය කැමැත්තෙන් ක්‍රියාත්මක වෙච්ච දෙයක් නොවෙයි. පහුගිය ආණ්ඩුව අටවපු උගුලේ කොටසක් විදියට තමයි ඒක වෙන්නේ. හැබැයි පහුගිය ආණ්ඩුව හිටියා නම් මේ වෙනකොටත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලා ඉවරයි.
ප්‍රශ්නය:-ආණ්ඩුව හිටියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙන්නම නම් ඇයි වෘත්තීය සමිති සටන් ඇවිළිලා යනතුරු බලාගෙන හිටියේ?
පිළිතුර:- මගේ පිළිතුර ඔබට තේරුණේ නැහැ මම හිතන්නේ. මම කිව්වේ පහුගිය ආණ්ඩුව ගහපු ගිවිසුම්වලින් ඇතිවුණු රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් හේතුකොටගෙන ආණ්ඩුව යම්කිසි උත්සාහයක් අරගෙන බැලුවා වරාය අධිකාරියට අවාසි නොවන එකඟතාවක් ඇතිකර ගත හැකි ද කියලා. ඒ උත්සාහය දරණ අවස්ථාවේදී තමයි වෘත්තීය සමිති ජාතික සංවිධාන ඇතුළු බලවේග ගණනාවක් සටන පටන් ගත්තේ. ඔවුන් හිතුවා කලින් ආණ්ඩුව වගේ මේක දෙන්නමයි යන්නේ කියලා. ඒ නිගමනය මත ඔවුන් විරෝධය පළ කළා. ඒ විරෝධය පළ කළ එක වැරැදියි කියලා මම කියන්නේ නෑ. එහෙම විරෝධය පළ කරන්න ඔවුන්ට අයිතිය තියෙනවා. හැබැයි ආණ්ඩුවට ඕනෑකමක් තිබ්බා නම් ගෙඩිය පිටින් ජැටිය දෙන්න ඒක කඩිනමින් කරලා ඉවර කරන්න තිබ්බනේ. ඒකයි මම කිව්වේ අර ඇතිවෙලා තිබුණ රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් නිසා වරාය අධිකාරියට ඒ අහිතකර නොවන තත්ත්වයකට යන්න උත්සාහයක් දරුවා. ඒක බැරි තැන තීරණය කළා සීයට සීයක්ම මේක වරාය අධිකාරිය යටතේ පාලනය කරනවා කියලා.
මර්දනයක් නම් එහෙනම් අපිත් එෆ්සීඅයිඩී වගේ එකක් හදා ගන්න ඕනෑ. අපි හත් අට දෙනෙක් අරලියගහ මන්දිරයේ රැස්වෙන්න ඕනෑ. එහෙම රැස්වෙලා නම් ලිස්ට් එකක් හදාගෙන නීතිපති ගෙන්න ගෙන, පොලිස්පති ගෙන්න ගෙන අපට අවශ්‍ය අයව හිරේ දාන්න ඕනෑ. මර්දනය එන්නේ එහෙමනේ. දැන් මෙතන වෙන්නේ එහෙම එකක්ද? රන්ජන් රාමනායක වරදකාරයා වුණේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව කාලේදිම දැම්ම පැමිණිල්ලකට අනුව නඩු විභාග කරලයි. විශේෂයෙන්ම නඩු තීන්දුවේ කියනවා එයා මේ නඩු වාරයට සහභාගිවෙලා යන ගමන් කියපු ප්‍රකාශයක් ඉවහල් වුණා කියලා. එතකොට ඒක මේ අපි කරපු එකක්ද? ඊළඟට චම්පික රණවක සම්බන්ධ රිය අනතුරක සාක්කි වසන් කරලා දැන් ඒවා අතේ මාට්ටු වෙලා. ඒ නඩුව දැන් යනවා. ඒ නඩුව පටන් ගත්තේ ඒ ආණ්ඩුව කාලේ. යම් විදියකින් චම්පික රණවක වරදකරු වුණොත් ඒක අපි කරන දෙයක් ද? අපේ ආණ්ඩුවට තියෙන චෝදනාව තමයි පහුගිය ආණ්ඩුව කාලේ කරපු වැරැදිවලට අදාළව බලවත් පියවර ගන්නේ නෑ කියන එක. එහෙම නැතිව මර්දනයක් කරනවා කියලා නොවෙයි.
ප්‍රශ්නය:- කොහොම වුණත් සටන තවම අවසන් නෑ. ‘රාජ්‍ය තාන්ත්‍රික විදියට කටයුතු කරන්න’ කියලා. ඉන්දියාව කියනවා?
පිළිතුර:- ඉන්දියාවේ බලපෑම තාමත් තියෙනවා. ඒක නැති වෙලා නෑ. අපි බටහිර පර්යන්තය ඒගොල්ලන්ට යෝජනා කළාම ඒ අයගේ වැඩි උනන්දුව තියෙන්නේ නැගෙනහිර පර්යන්තය ගැනයි. නැගෙනහිර පර්යන්තය ගන්න කෙනාට පුළුවන් ජෝන් කීල්ස්ලා අතේ තියෙන ඊට යාබද පර්යන්තයත් තව අවුරුදු හය හතකින් තමන්ගේ අතට ගන්න. එතකොට ප්‍රතිඅපනයනය කියන එක ඒ ජැටි දෙකෙන් කරන්න පුළුවන්. එහෙම සුවිශේෂී වාසියක් තියෙන තැනක් තමයි නැගෙනහිර පර්යන්තය. ඒ සුවිශේෂී වාසිය තියෙන නිසාම තමයි ඉන්දියාව ඒක මත්තෙම හැප්පෙන්නේ. ඉතින් අපි හිතනවා ඉන්දියාව මේ රටේ මිනිසුන්ගේ හැඟීම් සහ දැනීම් තේරුම් අරගෙන තමන්ගේ ස්ථාවරය වෙනස් කර ගනී කියලා.
ප්‍රශ්නය:-ඉන්දීය රජය මේ නිසා බලවත් අසීරුතාවකට මුහුණ දෙනවා? ඉන්දීය මාධ්‍ය ඒ සටන අතට අරගෙන?
පිළිතුර:- ඉන්දීය මාධ්‍ය කියන ඒවා ඒ තරම් අපට වැදගත් නෑනේ.
ප්‍රශ්නය:- ඉන්දියාව අපත් සමග තරහාවීම බරපතළ ප්‍රශ්න මතු කරන්නක්. ලබන මාසේ ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වීමටත් නියමිතයි.
පිළිතුර:- මෙහෙමයි ඉතින් වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නා නම් ඔබ අහන්නේ වෙනත් ප්‍රශ්නයක්. නොදුන්නාම අහනවා ‘රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න එයි නේද? ජිනීවාවලදී ප්‍රශ්නයක් වෙයි නේද?’ කියලා. ඔව්. ඕනෑම ක්‍රියාවක ධනාත්මක ප්‍රතික්‍රියාවක් වගේම ඍණාත්මක ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙතැනදිත් අපට ඍණාත්මක ප්‍රතික්‍රියාවකට, මුහුණ දෙන්න වෙනවා. ඒකට අපි මුහුණ දිය යුතුයි. ඉන්දියාව අපේ සතුරෙකු බවට පත්කර නොගෙන. ඉන්දියාව අසල්වැසි මිත්‍ර රාජ්‍යයක් බව පිළිගනිමින් එය හැකිතාක් හොඳින් කළමනාකරණය කරගත යුතුයි.
ප්‍රශ්නය:- ඔබ වාසුදේව, ගම්මන්පිල කැබිනට් ඇමැතිවරුන්, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කඩකරමින් ඔබලා බොර දියේ මාළු බානවා?
පිළිතුර:- බොර දියේ මාළු බාන්න අපට අවශ්‍ය නෑ. අපි කියන්නේ මේක බොර කරන්න එපා කියලයි. බොර කළොත්නේ කවුරුහරි බොර දියේ මාළු බාන්නේ. ඇයි බොර කරන්නේ? බොර කර ගන්නේ නැතිව මේක හරියට කරන්නනේ තුනෙන් දෙකක බලයක් දුන්නේ. අපි බොර කළොත් තමයි කවුරුහරි මාළු බාන්නේ.
ප්‍රශ්නය:- ඔබේ උත්තරයෙන් පේන්නේ බොර කරන පිරිසක් ඉන්න බවයි.
පිළිතුර:- එළියට නොපෙනුණාට එහෙම අය ඉන්න පුළුවන්. එහෙම අය බොර කරන්න බලනවා ඇති. තමන්ගේ පෞද්ගලික බල පෙරේතකම් මුදුන්පමුණුවා ගන්න බලන අය ඉන්න පුළුවන්. ඒවා ගැන හොඳ සිහි කල්පනාවෙන් තමයි අපට මේ ගමන යන්න වෙන්නේ.
ප්‍රශ්නය:- කොහොම වුණත් පහුගිය කැබිනට් රැස්වීමේදී ඔබට තදබල ප්‍රහාරයක් එල්ල වුණා?
පිළිතුර:- මම අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙක් හැටියට අමාත්‍ය මණ්ඩලයේදී සිදුවූ දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නෑ.
ප්‍රශ්නය:-නමුත් මම කියපු දේ හරි?
පිළිතුර:- මොන ප්‍රහාරයට ලක් වුණත් අපි මේ රටයි ජාතියයි වෙනුවෙන් ඉන්න ස්ථාවරය හා ගන්නා ක්‍රියාමාර්ග අබමල් රොනක තරමින්වත් වෙනස් වෙන්නේ නැහැ.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් කිව්වා ‘ඔබේ ප්‍රකාශ ගැන කනගාටු වෙනවා’ කියලා.
පිළිතුර:- මට ප්‍රශ්නයක් නැහැ එයාට කනගාටුදායක වුණාට. මට ප්‍රශ්නයක් වෙන්නේ අප ගන්නා ක්‍රියාමාර්ග වලින් රටට, ජනතාවට කනගාටු හිතෙනවා නම් තමයි. අපි ගන්නා ක්‍රියාමාර්ග නිසා අපව විශ්වාස කරන ජනතා බලවේග කනගාටු වෙනවා නම් තමයි අපට ප්‍රශ්නයක් වෙන්නේ. ඒක විතරයි අපට ප්‍රශ්නයක් වෙන්නේ. අප සංවේදී ඒ පැත්තට විතරයි. ඔය මේ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මන්ත්‍රීකම් ගත්තු අයට තේරෙන්නේ නෑනේ ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කිරීමේ උත්තුංග කාර්යයේ වැදගත්කම. ඒවා ඒගොල්ලන්ට දැනෙන්නේ නැහනේ. ඒගොල්ලෝ කාට හරි බැල මෙහෙවරකම් කරලා ඒකට ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය.
ප්‍රශ්නය:-ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කියනවා ‘සමහර ඇමැතිවරු ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. ඒ අයට එරෙහිව අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා’ කියලා?
පිළිතුර:- ඉතින් ප්‍රශ්නයක් නෑ. ඕනෑම ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්න කියන්න. ඒ ඕනෑම ඉදිරි ක්‍රියාමාර්ගයකට අපි ලෑස්තියි.
ප්‍රශ්නය:- ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා. රට කරවන්නේ කවුද කියලා. ජනාධිපති ගෝඨාභයද? අගමැති මහින්ද ද? වෙනත් කෙනෙක්ද?
පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හැටියට ඉතා විශිෂ්ට සේවයක් මේ රටට ඉටුකරපු කෙනෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා බාර ගත්තාට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අත්දැකීම් බහුල චරිතයක් හැටියට නෙවෙයි. ඒ වගේම එතුමට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබා දීමයි. එතුමාව එහෙම ගෙන්වන්නේ නැතිව එතුමාව ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒකෙන් වෙන්නේ මන්ත්‍රීවරු සහ එතුමා අතර තිබෙන සබැඳියාව දුබල වීම. දේශපාලන තන්ත්‍රය සමග එතුමා අතර තිබෙන සබැඳියාව දුර්වල වීම. ඒක ආණ්ඩුවේ සහ රටේ නිරෝගි පැවැත්මට හිතකර දෙයක් නොවෙයි. ඉතින් මට තේරෙන්නේ නෑ ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ, කුමන අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා ද කියලා.
ප්‍රශ්නය:- දැන් විපක්ෂය කියනවා ‘සර් ෆේල්’ කියලා. ඇත්තටම ‘සර් ෆේල්’ නේද?
පිළිතුර:- ඒගොල්ලෝ තරම් ෆේල් වෙච්ච කට්ටියක් ඉන්නව ද? සජිත් ප්‍රේමදාසලා, හරීන් ප්‍රනාන්දුලා, රනිල් වික්‍රමසිංහලා බුදු අම්මේ ඒ තරම් ෆේල් වෙච්ච කට්ටියක් ඉන්නව ද? ඒ අසමත්කමේ කප්පිත්තෝ කියනවා ‘සර් ෆේල්’ කියලා. අද ඔය කට්ටිය හිටියා නම් කොහොමට මේ රට ෆේල් වෙලා තියෙයිද? මේ මට්ටමින්වත් මේ රට මේ විදියට හරි බේරාගෙන පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ෆේල් හින්ද ද? මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කට්ටිය රටින් ගියේ? එහෙම ෆේල් කියලා කියන කට්ටිය හිටියා නම් ඒ ගිවිසුම අත්සන් කරන්නේ නැද්ද? නැගෙනහිර පර්යන්තය ඔය ෆේල් කියලා කියන කට්ටිය හිටියා නම් ඉන්දියාවට දෙන්නේ නැද්ද? ෆේල් හින්ද ද ඒක වරාය අධිකාරිය හරහා සංවර්ධනය කරන්න තීරණය කළේ? වසංගත තත්ත්වයකටත් මුහුණ දෙන ගමන් ආර්ථික අභියෝගයත් කළමනාකරණය කරගෙන යන්නේ ෆේල් හින්දද? එතුමා රාජ්‍ය නායකයා හැටියට මේ තියෙන සුවිශේෂී වාතාවරණය හමුවේ හැකිතාක් දුරට රටේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛස්ථානය දෙමින් වැඩ කරනවා. ඕනෑම පාලනයක අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා අපි හදාගන්න ඕනෑ. ඒකට සංවාදයක් ඕනෑ.
ප්‍රශ්නය:- එහෙම සංවාදයක් නැහැ කියලයි කියන්නේ?
පිළිතුර:- ඔව්, වරද තමයි අභ්‍යන්තර සංවාදය ඉතා සීමිත වීම.
ප්‍රශ්නය:- වියත් මග, එළිය වැනි සංවිධාන හරහා රටේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් දෙනවා කියලයි ‘වැඩ කරන අපේ විරුවා’ කිව්වේ?
පිළිතුර:- ඔය ඔබ ඔය කියන්නේ කිසිම වැඩක් කරගන්න බැරිව මෙලෝ රහක් නැති අය කියන කතානේ. සීයට තුනේ මල්ලිලා කියන අසමත්කමේ පියවරුන් කියන කතානේ ඔය. රටේ පොදු මහජනතාවගේ ආකල්පය ඕක නොවෙයි. ඇත්ත, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරවපු අයගේ බලාපොරොත්තු අතිශය විශාලයි. ඒ විශාල බලාපොරොත්තුවලට සාපේක්ෂව මේ වසංගත තත්ත්වය යටතේ ලබා දී ඇති ප්‍රතිඵලය මදි වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විපක්ෂයේ ඉන්න අයට මේ රටේ පාලන සුක්කානම අතට දුන්නා නම් රටට පට්ට වැඩක් කරයි කියලා. වසංගත තත්ත්වයක් යටතේ අපේ ක්‍රියාකාරකම් සීමා වෙලා තියෙනවා. සමහර තීරණ ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේ අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.
ප්‍රශ්නය:-නමුත් ගැසට්වලින් නම් අඩුවක් නෑ?
පිළිතුර:- ගැසට් ඉතින් චිරාත් කාලයක් තිස්සේ ගහන ඒවනේ.
ප්‍රශ්නය:-නමුත් උදේට එක ගැසට් එකක්. හවසට තව එකක්?
පිළිතුර:- ඒකනම් ඉතින් ගැසට් ගහන අයගෙන් තමයි අහන්න ඕනැ.
ප්‍රශ්නය:- දේශපාලන පළිගැනීම් ගැන හොයන්න පත් කරපු ජනාධිපති කොමිසම කියනවා උසාවියේ තියෙන නඩු ඉවත් කරන්න කියලා. මේ කොයි යන්නේ කියලයි අහන්න වෙන්නේ?
පිළිතුර:- එතකොට අරලියගහ මන්දිරයට කණ්ඩායමක් එකතුවෙලා අද අරයව ඇතුළට දාන්න, හෙට අරයව දාන්න, කියලා තීරණය කරලා බොරු නඩු පවරවලා හිරේ දාලා නීති විරෝධීව එෆ්සීඅයිඩී එක පිහිටුවලා එහෙම කරපු එකද හරි? ඒකද එතකොට නියම ක්‍රමය? ඒ වැරැදි සහ අයුතුසහගත ක්‍රමය පවත්වාගෙන ගිය එක හොයන එක වැරැද්දක් ද? ඒ කොමිසමෙන් කරලා තියෙන වැරැද්ද හඳුනා ගන්න එකද වැරැදි ද? ඒ වැරැද්ද නිවැරැදි කරන්න කියලා කියන එකද වැරැද් ද? ඒක වැරැද්දක් කියලා පේන්නේ අරලියගහ මන්දිරයේ ලැගපු අයට. එහෙම ලැගපු අය ඔන්න දැන් කුපිත වෙලා ඉන්නේ. ඒ අයගේ නම් තියෙන වාර්තා එනවා. දේශපාලන පළිගැනීම් කියන කොමිෂන් සභාවට ගිහින් රනිල් වික්‍රමසිංහ පිළිගත්තනේ එෆ්සීඅයිඩී එක නීති විරෝධීයි කියලා. ඔය කට්ටිය දැන් ඉන්නේ භ්‍රාන්ත වෙලා. මේකට අදාළව නීතිමය පියවරක් ගනී කියලා. එයට මර ළතෝනි දෙනවා. ඒ ළතෝනියේ කොටසක් තමයි ඔය ඔබ මගෙන් ඇහුවේ.
ප්‍රශ්නය:-උසාවියේ තියෙන නඩු ඔය විදියට ඉවත් කර ගන්නේ නැතිව අධිකරණයේදී තමන්ගේ නිර්දෝෂි බව ඔප්පු කරලා නිදහස් වෙන්න පුළුවන්නේ. ඒක නේද හරිම ක්‍රමය?
පිළිතුර:- මම නම් මට තියෙන හැම නඩුවකටම මුහුණ දෙනවා. මම නම් කියන්නේ නැහැ මට දාලා තියෙන බොරු නඩු ටික අයින් කරන්න කියලා. මේ රටේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙන නිසා මට ඒ හැම නඩුවකින්ම දිනන්න පුළුවන්. මගේ නඩු අයින් කරගන්න මම නම් කොහොමටවත් කැමැති වෙන්නේ නැහැ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමා දැනටමත් නඩු කීයකින් නිදොස්කොට නිදහස් කළා ද? මේ නඩු දැම්මේ දේශපාලනික වශයෙන් පළිගන්න මිසක් කරපු වැරැදිවලට නොවෙයි. මෙහෙමයි. එෆ්සීඅයිඩී එකනම් පැමිණිල්ල කළේ ඒක එෆ්සීඅයිඩී එක අයින් කරගන්න එපැයි. එෆ්සීඅයිඩී ආයතනය නීති විරෝධී ආයතනයක් කියලා සනාථ වුණාම ඒ නීති විරෝධී ආයතනයෙන් දාපු නඩු වලංගු වෙනවද? නීති විරෝධී ආයතනයකින් දාපු නඩු නීත්‍යානුකූලද? එතකොට කොහොමද මේ නඩු පවත්වාගෙන යන්නේ? එෆ්සීඅයිඩී එක නීති විරෝධීයි. එහෙම නම් කොහොමද ඒකෙන් දාපු නඩු නීත්‍යානුකූල වෙන්නේ? ඒ තර්කය තමයි ජනාධිපති කොමිසම මතු කරන්නේ?
ප්‍රශ්නය:- ඔබ කුමන තර්ක ගෙනාවත් මේ කරන්න යන්නේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් මර්දනයටයි.
පිළිතුර:- මර්දනයක් නම් එහෙනම් අපිත් එෆ්සීඅයිඩී වගේ එකක් හදා ගන්න ඕනෑ. අපි හත් අට දෙනෙක් අරලියගහ මන්දිරයේ රැස්වෙන්න ඕනෑ. එහෙම රැස්වෙලා නම් ලිස්ට් එකක් හදාගෙන නීතිපති ගෙන්න ගෙන, පොලිස්පති ගෙන්න ගෙන අපට අවශ්‍ය අයව හිරේ දාන්න ඕනෑ. මර්දනය එන්නේ එහෙමනේ. දැන් මෙතන වෙන්නේ එහෙම එකක්ද? රන්ජන් රාමනායක වරදකාරයා වුණේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව කාලේදිම දැම්ම පැමිණිල්ලකට අනුව නඩු විභාග කරලයි. විශේෂයෙන්ම නඩු තීන්දුවේ කියනවා එයා මේ නඩු වාරයට සහභාගිවෙලා යන ගමන් කියපු ප්‍රකාශයක් ඉවහල් වුණා කියලා. එතකොට ඒක මේ අපි කරපු එකක්ද? ඊළඟට චම්පික රණවක සම්බන්ධ රිය අනතුරක සාක්කි වසන් කළා යැයි චෝදනා තියෙනවා. ඒ නඩුව දැන් යනවා. ඒ නඩුව පටන් ගත්තේ ඒ ආණ්ඩුව කාලේ. යම් විදියකින් චම්පික රණවක වරදකරු වුණොත් ඒක අපි කරන දෙයක් ද? අපේ ආණ්ඩුවට තියෙන චෝදනාව තමයි පහුගිය ආණ්ඩුව කාලේ කරපු වැරැදිවලට අදාළව බලවත් පියවර ගන්නේ නෑ කියන එක. එහෙම නැතිව මර්දනයක් කරනවා කියලා නොවෙයි.
ප්‍රශ්නය:- මම මතු කළේ ඉදිරියට කරන්න යන දේ ගැනයි?
පිළිතුර:- ඔබ මගේ පිළිතුර නිවැරැදිව කියවා ගත්තේ නෑ. නීති විරෝධීව එෆ්සීඅයිඩී එක හදාගෙන කට්ටිය රැස්වෙලා ඒ කරපු අනීතික අශිෂ්ට ක්‍රියාදාමයට ප්‍රතිවිපාකයක් අවශ්‍ය වෙන්නේ නැද්ද? ක්‍රියාවට අනුව ප්‍රතික්‍රියාවක් නැද්ද? ඒක මේ සොබාදහමේ එක මූලධර්මයක්නේ. වපුරණ දේ අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. ඒගොල්ලෝ වපුරලා තියෙනවා. ඒ අනුව අස්වැන්න ලැබීමට නියමිතයි.
ප්‍රශ්නය:-මහින්ද සුළඟ හදාගෙන ආණ්ඩු පෙරළියට මූලික වෙලා ආණ්ඩුවක් හදාගත්ත ඔබ. මේ ආණ්ඩුව ඇතුළේ දැන් ඉන්නේ තෘප්තියෙන්ද?
පිළිතුර:- මෙහෙමයි. ආණ්ඩුවේ ගමනේ සතුටු වෙන්න පුළුවන් ගොඩක් පැති තියෙන අතරේ අසතුටු වෙන්න කාරණාත් තියෙනවා. ඇතැම් පුද්ගලයන් තමන්ගේ තනි බල පෙරේතකම් මුදුන් පමුණුවා ගැනීම සඳහා ආණ්ඩුවට සිදුකරමින් සිටින විශාල හානිය අපි හොඳින් දකිනවා. ඒ පෞද්ගලික බල පෙරේතකම් සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදුකරමින් සිටින විනාශකාරී බලපෑම අපට හොඳින් පේනවා. ඒ පිළිබඳව අපට විශාල කනගාටුවක් තියෙනවා. ඒ හැරෙන්න රට යන ගමන ගැන අතෘප්තියක් නෑ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මේ රට දාලා යන්නේ නෑ. මේ ආණ්ඩුව නාවානම්. ඒක ගැන අපට තියෙන්නේ සතුටක්. නැගෙනහිර ජැටිය මේ විදියට බේරාගන්න වෙන්නේ නෑ මේ ආණ්ඩුව නාවානම්. ඒක ගැන අපට තියෙන්නේ සතුටක්. ඒ වගේම රටේ ආර්ථිකය, දේශීය කර්මාන්ත, දේශීය ව්‍යවසායකයා බලගැන්වීමේ දෙසට මෙහෙයවන්නේ නෑ මේ ආණ්ඩුව ආවේ නැත්නම්. ඒවා අපට සතුටක්. ඒ නිසා සතුටු විය හැකි කාරණා ගොඩාක් තියෙන අතරේ, ජනාධිපතිතුමාගේ පාලන සමය ගැන අර වගේ කනගාටුවට හේතුවන කාරණාත් තියෙනවා. නැත්තේ නෑ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
– lankadeepa