AFC Banner
AFC Banner
Empty Ad

ආණ්ඩුවෙන් හිටපු ජනපතිට අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ තමන්ගේ පක්ෂ සභාපති ධුරය පක්ෂ මහ ලේකම් වන දයාසිරි ජයසේකර මහතාගෙන් රැක ගන්නා ලෙසයි.

පුටුවෙම වාඩි වෙලා ඉන්න

වැරදීමකින් හෝ සභාපති පුටුවෙන් නොනැගිටින ලෙසත් හිටපු ජනපතිවරයාට දැනුම් දෙන ආණ්ඩුව එසේ වුවහොත් පක්ෂ මහ ලේකම්වරයා එහි අසුන් ගැනීම නොවැලැක්විය හැකි කරුණක් වන්නේ ඔහුගේ ඉලක්කය කෙටි මඟකින් ශ්‍රී.ල.නි.ප සභාපතිවරයා වීම බවයි පෙන්වා දෙන්නේ.

ඇට නැති දිවකට හිමිකම් කියන ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ කතා ආණ්ඩුව ගණන් නොගන්නා බවත් එම අනතුරු ඇඟවීම සමගම ප්‍රකාශ කරනවා.

ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ ඇමතිවරයා

ආණ්ඩුව වෙනුවෙන් හිටපු ජනපතිවරයාට මෙම අනතුරු ඇඟවීම කරන්නේ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතායි.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය අමතාය.

අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ එම අනතුරු ඇඟවීමට හේතු වී තිබෙන්නේ ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා දිගින් දිගටම පොදුජන පෙරමුණ මෙන්ම එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාවද ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි.

විහිලු ඇමතිධූර

තමාට ලබා දුන් විහිලු සහගත බතික් රාජ්‍ය ඇමතිකමෙ නිර්මාතෘ එවැනිම විහිලු ඇමති ධුර ගණනාවක් නිර්මාණය කළ බැසිල් රාජපක්ෂ මහතා බවටයි ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා චෝදනා කරන්නේ.

තමන් නියෝජනය කරන ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරන පක්ෂ මහ ලේකම්වරයාගේ මෙම ක්‍රියා පිලිවෙත මධ්‍යම කාරක සභාවේ බහුතරයකගේ ප්‍රසාදයට ලක්ව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා මේ දක්වාත් කිසිදු අදහසක් ප්‍රකාශ කොට නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?