ආණ්ඩුවෙන් හිටපු ජනපතිට අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ තමන්ගේ පක්ෂ සභාපති ධුරය පක්ෂ මහ ලේකම් වන දයාසිරි ජයසේකර මහතාගෙන් රැක ගන්නා ලෙසයි.

පුටුවෙම වාඩි වෙලා ඉන්න

වැරදීමකින් හෝ සභාපති පුටුවෙන් නොනැගිටින ලෙසත් හිටපු ජනපතිවරයාට දැනුම් දෙන ආණ්ඩුව එසේ වුවහොත් පක්ෂ මහ ලේකම්වරයා එහි අසුන් ගැනීම නොවැලැක්විය හැකි කරුණක් වන්නේ ඔහුගේ ඉලක්කය කෙටි මඟකින් ශ්‍රී.ල.නි.ප සභාපතිවරයා වීම බවයි පෙන්වා දෙන්නේ.

ඇට නැති දිවකට හිමිකම් කියන ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ කතා ආණ්ඩුව ගණන් නොගන්නා බවත් එම අනතුරු ඇඟවීම සමගම ප්‍රකාශ කරනවා.

ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ ඇමතිවරයා

ආණ්ඩුව වෙනුවෙන් හිටපු ජනපතිවරයාට මෙම අනතුරු ඇඟවීම කරන්නේ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතායි.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය අමතාය.

අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ එම අනතුරු ඇඟවීමට හේතු වී තිබෙන්නේ ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා දිගින් දිගටම පොදුජන පෙරමුණ මෙන්ම එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාවද ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි.

විහිලු ඇමතිධූර

තමාට ලබා දුන් විහිලු සහගත බතික් රාජ්‍ය ඇමතිකමෙ නිර්මාතෘ එවැනිම විහිලු ඇමති ධුර ගණනාවක් නිර්මාණය කළ බැසිල් රාජපක්ෂ මහතා බවටයි ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා චෝදනා කරන්නේ.

තමන් නියෝජනය කරන ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරන පක්ෂ මහ ලේකම්වරයාගේ මෙම ක්‍රියා පිලිවෙත මධ්‍යම කාරක සභාවේ බහුතරයකගේ ප්‍රසාදයට ලක්ව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා මේ දක්වාත් කිසිදු අදහසක් ප්‍රකාශ කොට නැහැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34