ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ස්වාධීන කොමිෂන් සභා සඳහා අයඳුම්පත් කැඳවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (30) පාර්ලිමේන්තුවේ දී පැවැත් වුණා.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ ධුරයට අභියාචනාධිකරණයේ සභාපති එම්. කේ.පී. ප්‍රනාන්දු පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමතිය හිමිව තිබෙනවා.

එමෙන්ම අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස එන්.බී.පී.ඩී.එස්.කරුණාරත්න පත්කිරීමට ද මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති කොමිෂන් සභා සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් 2023 පෙබරවාරි 01 වන දින පුවත්පත්වල දැන්වීම පළ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවදුරටත් තීරණය කරනු ලැබුවා.

ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය 2023 පෙබරවාරි 15 වැනි දින වන අතර, අදාළ අයදුම්පත්‍රයේ ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?