ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ස්වාධීන කොමිෂන් සභා සඳහා අයඳුම්පත් කැඳවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (30) පාර්ලිමේන්තුවේ දී පැවැත් වුණා.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ ධුරයට අභියාචනාධිකරණයේ සභාපති එම්. කේ.පී. ප්‍රනාන්දු පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමතිය හිමිව තිබෙනවා.

එමෙන්ම අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස එන්.බී.පී.ඩී.එස්.කරුණාරත්න පත්කිරීමට ද මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති කොමිෂන් සභා සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් 2023 පෙබරවාරි 01 වන දින පුවත්පත්වල දැන්වීම පළ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවදුරටත් තීරණය කරනු ලැබුවා.

ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය 2023 පෙබරවාරි 15 වැනි දින වන අතර, අදාළ අයදුම්පත්‍රයේ ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52