අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අද (24) අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට අස්ගිරි මහා විහාරයේ තැන්පත් කර තිබෙනවා.
උන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (23) දිනයේදීත් විශාල පිරිසක් අස්ගිරි මහා විහාරය වෙත පැමිණියා.
අද (24) පස්වරු 1.00 පමණ වන තෙක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අනුනාහිමියන් පසුගිය 21 වනදා උදෑසන අපවත් වුණා.
අපවත්වන විට උන්වහන්සේ 67 වන වියේ පසුවුණා.













