AFC Banner
Empty Ad
Empty Ad

හරිනි කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා නඩු මගට – වගඋත්තර ලැයිස්තුවේ සියල්ලටම ඉහළ නාලිකාවකුත්

ජාතික ජන බලවේගී රජයක් පිහිටවූ පසු ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ වේදිකාවක අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමෙන් තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් වූ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ පෙත්සම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය තිස්ස අත්තනායක මහතාට සහ මෙරට සුප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එරෙහිව රුපියල් කෝටි දහයක වන්දියක් ඉල්ලමින් අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කළා.

සිය කීර්ති නාමයට අපහාස වන ආකාරයෙන් තිස්ස අත්තනායක මහතා පසුගිය අගොස්තු 19 වැනිදා මාවනැල්ල ප්‍රදේශයේ දී ජනාධිපතිවරණය වේදිකාවක දැඩි අපහසාත්මක අන්දමින් එම ප්‍රකාශය සිදු කළ බවත්, එම ප්‍රකාශය අදාළ නාලිකාවේ උදෑසන පුවත්පත් විස්තර සම්බන්ධයෙන් පළ කරන වැඩසටහනක විකාශය කළ බැවින් එමගින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වගඋත්තරකාර පාර්ශ්වයෙන් රුපියල් කෝටි දහයක වන්දියක් අය කරන දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මෙහි පළමු වගඋත්තරකරු වන තිස්ස අත්තනායක මහතා මෙම ප්‍රකාශය අසත්‍ය බව දැන දැනම සිතාමතාම එය සිදු කළ බවත් එමගින් තමා විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස ගොඩනගා ඇති ප්‍රතිරූපයට දැඩි ලෙස හානි වූ බව සිය පෙත්සම මගින් මන්ත්‍රිනී හරිනි අමරසූරිය පෙන්වා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එමෙන්ම එමගින් මහජනතාවගේ වෛරයට පාත්‍ර වූ බව ද සිය පැමිණිල්ල මගින් හරිනි අමරසූරිය වැඩිදුරටත් පෙන්වාදෙනවා.

පළමු වන වගඋත්තරකරු සිදු කළ එකී ප්‍රකාශය කිසිදු තහවුරු කර ගැනීමකින් තොරව දෙවැනි වග උත්තරකරු සිය නාලිකාවේ සහ ඊට සමගාමී වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය නාලිකාවල ප්‍රචාරය කිරීමෙන් ද්වේෂසහගතව චේතනාන්විතවම සිය කීර්ති නාමයට හානි පමුණුවා ඇති බව ඇය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
4
+1
68
+1
3
+1
4
+1
5
+1
3
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?