“අහෝ දුකකි, පිරමීඩ උගුලකි” – දැනුවත් කිරීමේ ජාතික සතියක් හෙට සිට

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, අනුව මෙම දැනුම්වත් කිරීමේ සතිය ජූලි 18 වනදා දක්වා පැවැත්වීමයි ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත්තේ.

“අහෝ දුකකි, පිරමීඩ උගුලකි” යන තේමාව යටතේ මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මඟින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?