AFC Banner
Empty Ad
Empty Ad

අහුංගල්ලේ වෙඩි තැබීමකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඇහැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහුංගල්ල ගලවෙහෙර ප්‍රදේශයේදී පසුගිය 2022 වසරේ අගෝස්තු මස 24 වනදා දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබුණා.

ඊට සම්බන්ධ අයෙකු ඇහැලියගොඩ ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි අහුංගල්ල පොලිසියේ නිලධාරීන් ඊයේ (28) සවස වැටලීමක් සිදු කර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇහැලියගොඩ නුගහේන වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු 42 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ යතුරුපැදිය පදවාගෙන පැමිණි බවටයි හෙළිවී ඇත්තේ.

ඔහුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අහුංගල්ල බෝගහපිටිය අමුණ පාලම අසල සගවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ඊට යොදන ලද උණ්ඩයක් සහ හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 400ක් සොයාගෙන තිබෙනවා.

අහුංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?