අහුංගල්ලේ වෙඩි තැබීමකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඇහැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහුංගල්ල ගලවෙහෙර ප්‍රදේශයේදී පසුගිය 2022 වසරේ අගෝස්තු මස 24 වනදා දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබුණා.

ඊට සම්බන්ධ අයෙකු ඇහැලියගොඩ ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි අහුංගල්ල පොලිසියේ නිලධාරීන් ඊයේ (28) සවස වැටලීමක් සිදු කර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇහැලියගොඩ නුගහේන වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු 42 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ යතුරුපැදිය පදවාගෙන පැමිණි බවටයි හෙළිවී ඇත්තේ.

ඔහුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අහුංගල්ල බෝගහපිටිය අමුණ පාලම අසල සගවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ඊට යොදන ලද උණ්ඩයක් සහ හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 400ක් සොයාගෙන තිබෙනවා.

අහුංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51