අහිංසක මිනිස්සුන්ගෙ බඩගින්නට උඹලා මේ විදිහට සළකයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ..

උඹලාට තිබුණු ඒ ආදරේ ඊයේ නැතිවුණා..
හදවතට තට්ටු කරලා බලන්න.. අහිංසකයන්ව පාගන්න එපා..
අපි හැමදේම බලාගෙන හිටියේ…

මේ රටේ මේ වෙලාවේ පාරට බහින්නේ කිසිම දේශපාලන අරමුණක් නිසා නෙවෙයි.
තමන්ගේ කුසගින්න නිසා, එහෙමත් නැත්නම් රැකියාව නැතිනිසා, එහෙමත් නැත්නම් ගෙවන්න තියෙන බැංකු ණය එහෙමත් නැත්නම් ෆිනෑන්ස් එක නිසා..
තවත් විදිහකට කියනවානම් තමන්ගේ පවුලේ කෙනෙක්ට බෙහෙත් ටික ගන්න නැතිව, දරුවට කිරි එකක් ගන්න, ගොවිතැනක් කරගන්න විදිහක් නැතිව.
ගෙදරකට වැඩ ඇරිලා යද්දි විදුලිය නෑ.. ගෙදර කෑම උයාගන්න ගෑස් ටික නෑ.. වාහනයකට ඉන්ධන ටික නෑ..
තවත් මොන කතාද මහත්තයෝ..
මේ හැමදේකින්ම මිරිකුණු මිනිස්සු තමයි අද පාරට බැහැලා අරගල කරන්නේ.
තමන්ගේ අම්මා තාත්තා ගැන මොහොතකට පපුවට තට්ටු කරලා හිතන්න.
තමන්ගේ බිරිඳ ගැන හිතන්න.. එහෙමත් නැත්නම් දරුවෝ ගැන හිතන්න.
ඒසී වාහනවල ඒසී කාමරවල ඉන්න දේශපාලඥයාට මේ වේදනාව දුක කවදාවත් දැනිලා නෑ..
එහෙම අය වෙනුවෙන් උඹලා පාරවල්වල මරාගන්නවා..
නිල ඇඳුමට හමුදාවට, පොලිසියට STF එකට මිනිස්සු කවදත් ආදරේ කළා.. සැලකුවා..
ඒ උඹලා මේ රටේ හැම ව්‍යසනයකදිම පෙරට ආපු නිසා.. අපි වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා වැඩ කරපු නිසා.
එහෙම කරපු උඹලා දේශපාලන හෙංචයියන් නිසා අහිංසක මිනිහෙක්ට තමන්ගේ අවිය, බැට්න් පොල්ල උස්සන තැනට පත්වුණා කිව්වම අපිට අදහාගන්න අමාරුයි.
දේවත්වයෙන් අපි උඹලට සැලකුවේ.
උඹලා කිව්වනම් අපි කියන දේ අහන්න කියලා අපේ උන් උඹලා කියන දේවල් නෑහුණු ගාණට ඉන්නේ නෑ..
හැබැයි ඊයේ සිදුවුණු සිදුවීමත් එක්ක අහිංසක මිනිස්සුන්ට උඹලා සලකපු විදිහ දැක්කම දුකයි. ඔයිට වඩා හොදයි ඔය රස්සාව පැත්තකට දාලා ගෙදර ආවනම්.
තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන මනුස්සකම පාවා නොදී.
උන් සැප ගද්දි.. උන් කරපු වැරදි නිසා මිනිස්සු අසරණ වෙලා ඉද්දි උඹලා ගහගන්නවා.. උන්ව රකින්න..
අපි විශ්වාස කළා උඹලාගේ අවිය, උඹලාගේ බැටන් පොල්ල අහිංසක මිනිහෙක් ඉදිරියේ උස්සන්න උඹලට බෑ කියලා..
හැබැයි ඊයේ අපි දැක්කා උඹලා මාධ්‍යවේදීන්ට සත්තුන්ට වගේ ගහනවා.. අහිංසක මිනිස්සුන්ට කතා කළේ සත්තුන්ට වගේ..
එක දෙයක් උඹලට තියෙන ගෞරවය නිසා මිනිස්සු ඉවසන් ඉන්නවා මිසක් අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න එක්ක ජීවිත එක්ක සෙල්ලම් කරන්න ආවොත් ආයෙත් උඹලට ඒ හිත්වල තිබුණු ගෞරවය කවදාවත් ලැබෙන එකක් නෑ..
ඒ වගේම මේ අරගලයෙදි මිනිස්සුන්ට උඹලවත් දේශපාලඥයෝ හා සමානව පේන්න ගනී..
ඒ නිසා රැකියාවට, නිල ඇඳුමට යට වෙලා මනුස්සකම පාවා දෙන්න එපා..
අදටත් අපි උඹලාට ආදරෙයි..
ඒ ආදරේ හෙට තියෙනවාද කියන එක උඹලාම තීරණය කරාවි..මේ අරගලවලින් මැරුණොත් මැරෙන්නේ දුප්පත් අම්මා කෙනෙක්ගේ පුතෙක්.. පරදින්නේ ශ්‍රී ලාංකික අපි.. දිනන්නේ දේශපාලඥයෝ.. කවදාවත් අපේ එවුන්ට ගහන්න එපා..
බුදු සරණයි…

සටහන
ජීවිත අරගලයට පණ පොවන මිනිසෙක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
214
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40