අස්වැසුම අප්‍රේල් වාරිකය අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ අප්‍රේල් වාරිකය බැංකු ගිණුම් වෙත අද (11) දිනයේ මුදාහරින බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ, අනුව ප්‍රතිලාභීන් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් ගිණුම් වෙත යොමුකරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර එම ප්‍රතිලාභි පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි පුද්ගලයින් 580,944ක් සඳහා ද රුපියල් බිලියන 2.9ක් බැංකු ගිණුම් වෙත යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා ද මෙම මාසයේ සිට ගෙවීම් ආරම්භ කර ඇති බව සඳහන්.

වැඩිහිටියන් සඳහා ලබාදෙන මාසික දීමනාව මේ මාසයේ සිට රුපියල් 3,000 සිට 5,000 දක්වා වැඩි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?