අස්වැසුමෙන් අඩු ආදායම්ලාභීන් සහ රෝගීන් ඉවත් කරන්නේ නැහැ – අගමැති

අස්වැසුම වැඩසටහන සඳහා අඩු අදයම්ලාභින් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කිරීම අනිවාර්යයෙන් ම සිදුකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

එමෙන්ම අඩු ආදායම්ලාභී සහ විවිධ රෝගවලට ගොදුරු වූ අය කිසිලෙසකින් වත් ඉවත් නොකරන බවයි ඔහු අවධාරණය කළේ.

IMF ගිවිසුම තුළ ද අඩු ආදායම්ලාභීන්ගේ ආරක්ෂාවට මෙම සුබසාධන වැඩසටහන අන්තර්ගත කර තිබෙන බව පැවසූ ඔහු, සඳහන් කළේ එය පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවට ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව ප්‍රතිඥාවක් දී ඇති බවයි.

පෙරට වඩා වැඩි අඩු ආදායම්ලාභින් සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබාදීම වැඩසටහනේ අරමුණ බව ද, අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන් වී නොමැති බව ද, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, අස්වැසුම වැඩසටහන සඳහා අඩු අදයම්ලාභින් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩු සිදු වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරු කිහිප දෙනෙකු කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා…

“ගරු කතානායකතුමනි, දැන් මේ ප්‍රශ්නයක් ජගත් කුමාර මන්ත්‍රීතුමාත් විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුත් නගපු, මේ අඩු ආදායම්ලාභීන්ගේ අස්වැසුම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වූ සමීක්ෂණයේ අඩුපාඩුකම් ගැන කියවුනා. පසුගිය මාස කීපය තුළ මේ සමීක්ෂණය ක්‍රියාත්මක වුනා. ඒ අවස්ථාවේදීත් යම් යම් නිලධාරීන් ඒකට සහභාගී නොවීම නිසා අතිරේක විශේෂ තරුණ සුදුසුකම්ලාභීන් ස්වේච්ඡා සේවයට ගැනීමටද සිදු වුණා. ඒ අනුව සුබසාධක මණ්ඩලය ඒ අභියෝගයේ පළවෙනි වටය අපේ රාජ්‍ය නිලධාරින් සමග රට පුරා ඉටු කරලා තිබෙනවා.

පසුගිය අයවැය ලේඛනයෙත් අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරන ලද IMF ගිවිසුමෙත් අඩු ආදායම්ලාභීන්ගේ ආරක්ෂාවට මේ සුබසාධන වැඩසටහන අන්තර්ගත කර තිබෙනවා. ඒ වගේම එය පළල් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රතිඥාවක් දීලා තියෙනවා. අඩුපාඩුකම් සමීක්ෂණයේ තියෙනවා නම්, එහි තිබෙන පෝසතුන්ට ලැබිලා තියෙනවා කියනවා නම්, පෝසතුන්ට කොහොමත් ලැබෙන්න බෑනේ,. ඉතිං ඕක ලොකු ප්‍රශ්නයක් නෙවේ.
අඩු ආදායම්ලාභී සහ විවිධ රෝගවලට ගොදුරු වෙච්ච අය කිසිලෙසකින් අයින් කරන්න බෑ. ඉතිං ඒ නිසා මේ කටයුත්තේ අභියාචනා ඉදිරිපත් කීරීමේ කාලය තාම ක්‍රියාත්මකයි. එයට සහභාගී වන්න කියලා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, එය දැනුම් දෙන ලෙසත් මෙමගින් වැඩි දෙනෙක්‍ට. වෙනදට වඩා වැඩි දෙනෙක්ට අඩු ආදායම්ලාභීන්ට අවස්ථාව සැලසීම රජයේ බලාපොරොත්තුවයි. ලබාදී තිබෙන ජාත්‍යන්තර සහයෝගය තව දුරටත් වැඩියෙන් අපට ලබා ගන්න පුළුවන්. පුළුවන්. විපක්ෂ නායකතුමා සඳහන් කරපු යම් යම් සමීක්ෂණ පවත්වන දෙපාර්තමේන්තුවල කටයුතු අඩුපාඩුවක් තියෙනවානම්, ඒක වෙනම දෙපාර්තමේන්තුව හැටියටත්, වහාම ඒ ඉලකක් අනුව වැඩ කිරීම සඳහා අපි අවශ්‍ය පියවර ගන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
5
+1
2
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?