පිංවත්ත පොලිස් වසමේ ලෙස්ලි ගුණවර්ධන මාවත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුදගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
ඊයේ (29) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පිංවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 37ක පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා සහ අසල්වැසි නිවසක පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනිමට පිංවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













