පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මුල්ලේරියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
වැලිකඩ පොලිස් වසමේ අංගොඩ ප්‍රදේශයේදී ඊයේ (26) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඝතනයට ලක්වූ කාන්තාව සහ අපරාධය සිදුකළ සැකකරු අසල්වාසීන් වන අතර, ඔවුන් එකම ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක් සිදුකරමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් අදාළ කාන්තාව ඇයගේ නිවසේදීම ආයුධයකින් පහරදී ඝාතනය
කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අග්ගොන, අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 65ක තැනැත්තියක්.
මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.





