අසරණ සාපෙළ සිසුවියගේ පිහිටට ආ පොලිස් දෙවියන්

“අනේ පොලිස් අංකල් මගේ ඇඩ්මිෂන් එක ගෙදර දාලා ඇවිල්ලා. මට උදව් කරන්න අංකල්.”‍ යැයි මහත් අසරණව පොලිස් නිලධාරියා ඉදිරියට පැමිණ හඬා වැටෙන්නට වූ සිසුවියකට වහා ඉදිරිපත්ව උපකාර කිරීමට මොරගහහේන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක්(6) උදෑසන ඉදිරිපත් විය.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබූ මොරගහහේන ගෝනපොළ පලන්නොරුව මහා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාව බාරව මොරගහහේන පොලිසියට අනුයුක්ත රථවාහන අංශයේ පොලිස් සැරයන් (41013) ඒ. කුලරත්න මහතා (6) පෙරවරුවේ රාජකාරියේ නිරතව සිටියේය.

එම නිලධාරියා ඉදිරිපිටට දිව ආ සිසුවියක ඔහුට යමක් කීමට උත්සාහ දරමින් ඉකි ගසමින් හඬා වැටෙන්නට වූ අතර එය දුටු නිලධාරියා සිසුවිය අස්වසමින් “කියන්න දුව, කියන්න දුව ඇයි ඔයා අඬන්නේ? මොකක්ද ප්‍රශ්නය ඔයාට?”‍

“අනේ අංකල් අද ගණන් පේපර් එක තියෙන්නේ. මට ඇඩ්මිෂන් එක (විභාග අපේක්ෂක ප්‍රවේශ පත්‍රය) ගේන්න අමතක වුණා. තව විනාඩි කීපයකින් විභාගය පටන් ගන්නවා අංකල්. මට උදව් කරන්න අංකල්” යැයි ඇය හඬා වැටෙන්නට වූවාය.

සිසුවියගේ ඒ දුක්බර වදන් පෙළ සමගම නිරායාසයෙන්ම තම අත්ඔරලෝසුව දෙසට නෙත යොමු කළ පොලිස් නිලධාරියාට ඒ වන විට වෙලාව හරියටම පෙරවරු 8 පසු වී විනාඩි 22ක් බවත් විභාගය ආරම්භ කිරීමට තව හරියටම ඇත්තේ විනාඩි 8ක පමණ ඉතාම සුළු කාලයක් බවත් අවබෝධ විය.

විනාඩියත් වටින බව මනාව තේරුම් ගෙන සැනින් වහා ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් කුලරත්න නිලධාරියා පාසල් ආරක්ෂා පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් නිල ජීප් රථයෙන් පැමිණ සිටි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා හමුවට දිවගොස් සිසුවියට සිදුව තිබූ අකරතැබ්බය වහා දැනුවත් කිරීමට පියවර ගත්තේය.

එය ඇසූ සැනින් ඇයට පිහිට වීමට ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරියාගෙන් දෙවරක් නොවිමසා අවසර ලබාදීම හේතුවෙන් සිසුවිය සිය පොලිස් යතුරුපැදියේ නංවාගෙන කිලෝමීටර් හතරක් පමණ දුරින් වූ ඇයගේ නිවෙස පිහිටි වත්තේකඩේ නාගස් හන්දිය ප්‍රදේශය කරා ක්ෂණිකව යතුරුපැදිය පදින්නට විය.

එසැනින් වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ශාලාධිපති හමුවට ගොස් සිසුවියට සිදුවූ සිද්ධිය පවසා ඇය කැටිව පොලිස් නිලධාරියකු යතුරුපැදියෙන් නිවෙසට ගොස් ඇයගේ විභාග අපේක්ෂක ප්‍රවේශ පත්‍රය රැගෙන ඒමට ක්ෂණිකව කටයුතු කරන බව දැනුම් දීමට පියවර ගත්තේය.

සිසුවියගේ අවශ්‍යතාව සහ මානසික තත්ත්වය නිසි අයුරින් තේරුම් ගත් පොලිස් සැරයන් කුලරත්න නිලධාරියා සිසුවිය රැගත් සිය යතුරුපැදිය විභාග ශාලාව ආසන්නයටම පදවාගෙන පැමිණ ඇයට විභාගය වෙත කිසිදු බාධාවකින් තොරව මුහුණදීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගත්තේය.

විනාඩි කිහිපයක කාලයක් තුළ දී සිදු වූ මේ උතුම් කර්තව්‍යය පිළිබඳ අවධානය යොමු කර සිටි සිසු දරු දැරියන් විභාගය සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන විද්‍යාලය ඉදිරිපිටට පැමිණි මවුපියෝ පොලිස් නිලධාරියාට පැසසුම් කළ අතර ඊට අවශ්‍ය අවසරය ලබා දුන් ස්ථානාධිපතිවරයාට ද සිය ස්තූතිය පළ කළහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19