අවුරුදු සැමරිල්ලෙන් කොරෝනා තුන්වැනි රැල්ලක්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමරනවිට රට තුළ කෝවිඩ් වසංගතය පවතින බව දැන ජනතාව අවුරුදු සැමරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

ලෝක ව්‍යාප්ත වසංගතයක් ජනතාවගේ සහයෝගය නොමැතිව ආණ්ඩුවට හෝ සෞඛ්‍ය අංශවලට තබා පොලීසියට හමුදාවටවත් පාලනය කළ නොහැකි බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.

ජනතාව පෞද්ගලික කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමන කිරීම අතිශය වැදගත් බවත් එසේ නොමැති නම් තුන්වැනි රැල්ලක අවදානම මතුවිය හැකි බවත් සහකාර ලේකම්වරයා පැවසීය.

අවුරුදු උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ පැවැත්වීමට හැකියාව තිබුණද නොපවත්වා සිටීමට හැකිනම් වඩාත් යහපත් බව ඒ මහතා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේ ජනතාව අවුරුදු හරියාකාරව සැමරැවේද යන්න මැයි මාසය වනවිට දැනගත හැකිවනු ඇති බවයි.

කොතරම් නීති මාර්ගෝපදේශ තිබුණද වඩාත් වැදගත් වන්නේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය. නොසැලකිලිමත් බවේ ප්‍රතිඵල භුක්තිවිඳීමට සිදුවන්නේ ජනතාවටම බවද මෙහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09