අවුරුදු සාදයේ දී මාමා බෑනාගේ හිසට පහර දෙයි – රෝහලට ගෙනියන මුවාවෙන් කරපු දේ මෙන්න

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් මාමා විසින් බෑණාට මුඟුරකින් පහරදී ඊයේ (15) රාත්‍රීයේ මරා දමා ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොත්මලේ, වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පදිංචිව සිටි ගනේෂන් විජකුමාර් (35) නැමැති එක්දරු පියෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබේ.

අවුරුදු සාදයේදී මාමා හා බෑණා අතර ඇති වු ආරවුලක් දුරදිග ගොස් මාමා මුඟුරකින් බෑණාගේ හිසට පහරදී ඇති බවත් පසුව 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම්දී එම රථය පැමිණීමට ප්‍රමාදවීම නිසා මාමා සිය ත්‍රී රෝද රථයෙන් තුවාල ලැබු බෑණා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

පසුව අතරමගදී ගිලන් රථය පැමිණ ඇති අතර එහි කාර්ය මණ්ඩලය තුවාලකරු පරීක්ෂා කොට බැලීමෙන් අනතුරුව තුවාලකරු මියගොස් ඇති බව දැනුම්දී ඇත. 

ඉන් පසුව මියගිය  පුද්ගලයා මහනුවර- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වෙදමුල්ල ප්‍රදේශයේ මහමග දමා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට මාමා දැනට කොත්මලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා පැමිණ සිදු කරන ලබන ස්ථානීය පරීක්ෂා කිරීම්වලින් අනතුරු මියගිය පුද්ගලයාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

කොත්මලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09