අවුරුදු එකහමාරක මිණිබිරියට ලිංගික අපයෝජනයක් කළ සීයා අත්අඩංගුවට

වයස අවුරුදු එකහමාරක සිය මිණිබිරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයෙකු බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

63 හැවිරිදි මෙම සැකකාර පුද්ගලයා ඊයේ රාත්‍රියේ දියි ලුණුගල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෝලන්ඩ් වත්ත පහළ කොටස – ලුණුගල පදිංචි පුද්ගලයෙක්.

පසුගිය 16 වැනි දින පෙරවරුවේ සැකකරුගේ බිරිඳ දෙහිගහවත්ත – කොට්ටල්බැද්ද පදිංචි ව සිටින තම පුතාගේ නිවසට පැමිණ දහවල් නැවත නිවස බලා යන අවස්ථාවේ දී වයස අවුරුදු එකහමාරක් වු තම මිණිබිරිය ද ඇයගේ නිවසට ගෙන ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව සවස් කාලයේ දී එම දැරිය සීයා සමග නිවසේ නවතා දර කැඩීමට ආච්චි අම්මා වත්ත පහළට ගොස් සිටියදී; දැරියගේ පියා තම දියණිය රැගෙන යාම සඳහා එම නිවසට පැමිණි ඇති බවයි මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

එහිදී තම දෙමාපියන්ගේ නිවසේ දොර වසා තිබීම නිසා ජනේලයකින් නිවසට එබී බැලීමේ දී තම දියණියට ඔහුගේ පියා (සීයා) විසින් ලිංගික අපයෝජනයක් සිදු කරනු දැක තිබෙනවා.

එයින් දැඩි ලෙස කෝපයට පත් ව බිළිඳියගේ පියා විසින් තම පියාට පහර දී දැරිය ව තම නිවසට රැගෙන ගොස් ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඉන් දැඩි මානසික අපහසුතාවකට පත්ව ඇති දැරියගේ පියා දින දෙකකට පසුව ලුණුගල පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කර තිබෙනවා.

සැකකාර පුද්ගලයා තම පුතා පහර දුන් බව පවසා ලුණුගල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් ව ඇති බවත් ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවටත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

⁣ලද තොරතුරු මත බදුල්ල රෝහලේ වාට්ටු අංක 8 හි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සැකකාර වයස්ගත පියාව පොලිස් අත්අඩංගුවට ගැනුණා.

අපයෝජනයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන තුරු පොලිස් භාරයේ සැකකරුව රඳවා ගැනුණු බවත් ලුණුගල පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
10
+1
4
+1
4
+1
17
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?