අවුරුදු එකහමාරක මිණිබිරියට ලිංගික අපයෝජනයක් කළ සීයා අත්අඩංගුවට

වයස අවුරුදු එකහමාරක සිය මිණිබිරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයෙකු බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

63 හැවිරිදි මෙම සැකකාර පුද්ගලයා ඊයේ රාත්‍රියේ දියි ලුණුගල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෝලන්ඩ් වත්ත පහළ කොටස – ලුණුගල පදිංචි පුද්ගලයෙක්.

පසුගිය 16 වැනි දින පෙරවරුවේ සැකකරුගේ බිරිඳ දෙහිගහවත්ත – කොට්ටල්බැද්ද පදිංචි ව සිටින තම පුතාගේ නිවසට පැමිණ දහවල් නැවත නිවස බලා යන අවස්ථාවේ දී වයස අවුරුදු එකහමාරක් වු තම මිණිබිරිය ද ඇයගේ නිවසට ගෙන ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව සවස් කාලයේ දී එම දැරිය සීයා සමග නිවසේ නවතා දර කැඩීමට ආච්චි අම්මා වත්ත පහළට ගොස් සිටියදී; දැරියගේ පියා තම දියණිය රැගෙන යාම සඳහා එම නිවසට පැමිණි ඇති බවයි මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

එහිදී තම දෙමාපියන්ගේ නිවසේ දොර වසා තිබීම නිසා ජනේලයකින් නිවසට එබී බැලීමේ දී තම දියණියට ඔහුගේ පියා (සීයා) විසින් ලිංගික අපයෝජනයක් සිදු කරනු දැක තිබෙනවා.

එයින් දැඩි ලෙස කෝපයට පත් ව බිළිඳියගේ පියා විසින් තම පියාට පහර දී දැරිය ව තම නිවසට රැගෙන ගොස් ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඉන් දැඩි මානසික අපහසුතාවකට පත්ව ඇති දැරියගේ පියා දින දෙකකට පසුව ලුණුගල පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කර තිබෙනවා.

සැකකාර පුද්ගලයා තම පුතා පහර දුන් බව පවසා ලුණුගල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් ව ඇති බවත් ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවටත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

⁣ලද තොරතුරු මත බදුල්ල රෝහලේ වාට්ටු අංක 8 හි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සැකකාර වයස්ගත පියාව පොලිස් අත්අඩංගුවට ගැනුණා.

අපයෝජනයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන තුරු පොලිස් භාරයේ සැකකරුව රඳවා ගැනුණු බවත් ලුණුගල පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42