අවුරුදු ආරවුලෙන් වාහන දෙකක් ගිනිබත් වෙයි (ඡායාරූප)

බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු යාපනයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී වාහන දෙකක් ගිනිතබා විනාශ කර තිබෙනවා.

අද (15) අලුයම් කාලයේ මෙලස එම වාහන දෙකට ගිනිතබා විනාශ කර ඇති බවයි යාපනය පොලිසිය සඳහන් කළේ.

අවුරුදු දවසේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු දෙපිරිස අතර, අද (15) අලුයම් කාලයේ ගැටුමක් හටගෙන තිබෙනවා.

එහිදී ගැටුමට සම්බන්ධ පිරිස් යාපනය, නාවන්තුරේ ප්‍රදේශයේ දී කුඩා ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි තැබීමෙන් වාහන දෙකටම දැඩි අලාභ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?