අවසන් රන්දෝලි මහා පෙරහර අද

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) රාත්‍රීයේ වීදී සංචාරය කෙරෙනවා.

අවසන් රන්දෝලි පෙරහර අද (19) පස්වරු 06.57ට යෙදෙනෙ සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පිටත්ව ශ්‍රී දළදා වීදිය, යටි නුවර වීදිය, කන්දේ වීදියෙන් හැරී ඩී.එස්.සේනානාය වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමතයි.

අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවැදීමෙන් පසු සාධාතුක කරඬුව පසුදින දහවල් දක්වා අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙනවා.

සාධාතුක කරඬුව දළදා මාලිගාවේ වැඩසිටින කුටියෙන් පිටත ස්ථානයක තැන්පත් කෙරෙන එකම අවස්ථාව මෙය වන අතර එහි දී රැය පහන්වන තෙක් විශේෂ පුද සිරිත් ඉෂ්ඨ සිද්ධ කෙරෙනු ඇති.

මේ අතර අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩමකරවීමේ භාග්‍ය මෙවර හිමිව ඇත්තේ ඉන්දිරාජා ඇතාටයි.

දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් අවසන් රන්දෝලි පෙරහරේ ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ (18) රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53