අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගන්න ශ්‍රී ලංකාවට 136ක ඉලක්කයක්

නැගීඑන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ ශ්‍රී ලංකාවට අතර අවසන් පූර්ව තරගය මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඔමේර් යූසුෆ් ලකුණු 68ක් රැස්කළ අතර, අනෙක් පිතිකරුවන්ට ලකුණු 15 සීමාවට හෝ පැමිණීමට ශ්‍රී ලංකා නැගීඑන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 21ක් තුළ කඩුලු 04ක් බිඳ දැමූ අතර, නිපුන් රන්සික කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට මෙවර නැගීඑන ආසියානු කුසලාන 20-20 තරගවලියේ අවසන් මහා තරගය පිවිසීම සඳහා මෙම තරගය ජය ගැනීමට ලකුණු 136ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?