Empty Ad
AFC Banner
Empty Ad

අවසන් පන්දුවේ දී මුම්බායි ඉන්දියන්ස් ජයග්‍රහණය සිය දෝතට ගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (06) පැවති තරගය තියුණු සටනකින් අනතුරුව ජයගන්නට මුම්බායි ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

අවසන් පන්දුව තෙක් ජයග්‍රහණය දෙපසට දෝලනය වූ මෙම තරගයේ ජය මුම්බායි පිළට රැගෙන ඒමට අවසන් පන්දුවාරය යැවූ මුම්බායි වේග පන්දු යවන ක්‍රීඩක ඩැනියල් සෑම්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම බෙහෙවින් ඉවහල් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කට ලකුණු 177ක් රැස් කළා.

එහිදී නායක රෝහිත් ශර්මා ලකුණු 43ක්, ඉෂන් කිෂාන් ලකුණු 45ක් සහ ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 44ක් රැස්කරමින් මුම්බායි ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබුවා.

පන්දු යැවීමේ දී රෂිඩ් ඛාන් මුම්බායි ඉනිමේ කඩුලු 02ක් බිද දැමීමට සමත් වුණා.

ලකුණු 178ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට ඉතා ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගන්නට ව්රිද්ධිමන් සහා සහ ශුම්බන් ගිල් කටයුතු කළේ දෙදෙනාම අර්ධ ශතක රැස්කර ගනිමින්.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව ගුජරාට් ඉනිමට ඉහළ ලකුණු සංඛ්‍යාවක් එකරන්නට ඊට පසු පිටියට පැමිණි පිත්කරුවන්ට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණය සඳහා ගුජරාට් පිළට අවසන් පන්දුවාරයේ දී ලකුණු ලකුණු 09ක් ලබා ගැනීමට තිබුණා.

අවසන් පන්දුවාරය යොමුකළ වේග පන්දු යවන ක්‍රීඩක ඩැනියල් සෑම්ස් එම පන්දුවාරය ලකුණු 03කට සීමා කරමින් තරගයේ ජයග්‍රහණය මුම්බායි පිළට ගෙන දුන්නා.

අවසන් පන්දු 02කට ලකුණු 06ක් ලබා ගැනීමට තිබූ අතර එම පන්දු දෙකටම කිසිඳු ලකුනුඅක් රැස්කර ගැනීමට ඒ මොහොතේ කඩුල්ලේ රැඳී සිටි ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ට හැකියාව ලැබුනේ නැහැ.

තරගය අවසන් වන විට ගුජරාට් ලයන්ස් ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 05කට ලකුණු 172ක් ලෙසයි.

මෙම ජයග්‍රහණය මුම්බායි ඉන්දියන්ස් පිළ මෙවර තරගාවලියේ ලද දෙවන ජයග්‍රහණය වන අතර මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් පිළ අඛණ්ඩව ලද දෙවන පරාජයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>