අවසන් පන්දුවේ දී මුම්බායි ඉන්දියන්ස් ජයග්‍රහණය සිය දෝතට ගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (06) පැවති තරගය තියුණු සටනකින් අනතුරුව ජයගන්නට මුම්බායි ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

අවසන් පන්දුව තෙක් ජයග්‍රහණය දෙපසට දෝලනය වූ මෙම තරගයේ ජය මුම්බායි පිළට රැගෙන ඒමට අවසන් පන්දුවාරය යැවූ මුම්බායි වේග පන්දු යවන ක්‍රීඩක ඩැනියල් සෑම්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම බෙහෙවින් ඉවහල් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කට ලකුණු 177ක් රැස් කළා.

එහිදී නායක රෝහිත් ශර්මා ලකුණු 43ක්, ඉෂන් කිෂාන් ලකුණු 45ක් සහ ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 44ක් රැස්කරමින් මුම්බායි ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබුවා.

පන්දු යැවීමේ දී රෂිඩ් ඛාන් මුම්බායි ඉනිමේ කඩුලු 02ක් බිද දැමීමට සමත් වුණා.

ලකුණු 178ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට ඉතා ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගන්නට ව්රිද්ධිමන් සහා සහ ශුම්බන් ගිල් කටයුතු කළේ දෙදෙනාම අර්ධ ශතක රැස්කර ගනිමින්.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව ගුජරාට් ඉනිමට ඉහළ ලකුණු සංඛ්‍යාවක් එකරන්නට ඊට පසු පිටියට පැමිණි පිත්කරුවන්ට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණය සඳහා ගුජරාට් පිළට අවසන් පන්දුවාරයේ දී ලකුණු ලකුණු 09ක් ලබා ගැනීමට තිබුණා.

අවසන් පන්දුවාරය යොමුකළ වේග පන්දු යවන ක්‍රීඩක ඩැනියල් සෑම්ස් එම පන්දුවාරය ලකුණු 03කට සීමා කරමින් තරගයේ ජයග්‍රහණය මුම්බායි පිළට ගෙන දුන්නා.

අවසන් පන්දු 02කට ලකුණු 06ක් ලබා ගැනීමට තිබූ අතර එම පන්දු දෙකටම කිසිඳු ලකුනුඅක් රැස්කර ගැනීමට ඒ මොහොතේ කඩුල්ලේ රැඳී සිටි ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ට හැකියාව ලැබුනේ නැහැ.

තරගය අවසන් වන විට ගුජරාට් ලයන්ස් ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 05කට ලකුණු 172ක් ලෙසයි.

මෙම ජයග්‍රහණය මුම්බායි ඉන්දියන්ස් පිළ මෙවර තරගාවලියේ ලද දෙවන ජයග්‍රහණය වන අතර මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් පිළ අඛණ්ඩව ලද දෙවන පරාජයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49