විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ ඕස්ට්‍රේලියාව සහ ඕමානය අතර තරගය අද (20) මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමානය, පන්දුවාර 16යි පන්දු 02 අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගත්තේ ලකුණු 104ක් පමණයි.
ලකුණු 105ක ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 09යි පන්දු 04කට පමණක් මුහුණදෙමින් එක් කඩුල්ලක් දැවීගොස් එම ඉලක්කය පහසුවෙන් හඹා ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1



