අවශ්‍ය වුනොත් කීරි සම්බා හිඟය පියවන්න රටින් හාල් ගේනවා – ඇමති නලින්ද

වෙළෙඳපොළේ කෘත්‍රීමව ඇති කර තිබෙන කීරි සම්බා සහල් හිඟය සහ එහි මිල ඉහළ යෑම පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් කීරි සම්බා ආනයනය කිරීමට රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (16) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගොවීන් විසින් මෙවර මහ කන්නයේ කීරි සම්බා වගා කිරීම අඩු වී ඇති බවත් අවශ්‍යතාවය අනුව කීරි සම්බා ආනයනයට කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,000ක් රජය විසින් වෙන් කර ඇති අතර, මේ වන විට ඉන් රුපියල් මිලියන 5,288ක් වැය කරමින් වී අලෙවි මණ්ඩලය විසින් දිස්ත්‍රික්ක 16ක වී මෙට්‍රික්ටොන් 43,891ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දැනට අස්වනු නෙළමින් පවතින පොළොන්නරුව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන කලාපවලින් යල කන්නයේ ඉදිරි කාලසීමාව තුළ වී අස්වනු මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව රජයේ සහතික මිලගණන් යටතේ තවදුරටත් 2025 යල කන්නය තුළ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.

මේ අතර රජය විසින් මිල දී ගෙන ඇති කීරි සම්බා සහ සම්බා වී තොගය සහල් බවට පත්කළ පසු එක් ග්‍රාමසේවක වසමකට සහල් කිලෝ භාගයක් පමණක්ම ලබාදිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

රට තුළ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟය විසඳීමට කෙටිකාලින යෝජනා ලෙස දැනට පනවා ඇති කීරි සම්බා සදහා රුපියල් 260ක මිල සහ සම්බා සඳහා වන රුපියල් 240ක උපරිම සිල්ර මිල ඉවත් කරන ලෙසයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම සම්බා සහල් හිඟය කුමක් ද යන්න හරියට වටහාගෙන එම හිඟය පිරවීම සඳහා නිශ්චිත ආදේශක සහල් ප්‍රමාණයක් ආනයනය කරන ලෙසත් එම සංගමය රජයට යෝජනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40