අවශ්‍ය වුවහොත් අවශ්‍ය තැන්වල දී වෙනසක් සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා.
ඇමරිකාවේ සිට අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ඉදිරියේ දී කුමන මැතිවරණයක් පැමිණියත් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදුකරන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
මේ අතර කවුරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනත් ඔහු පැමිණෙන්නේ පොදුජන පෙරමුණේ සහයෝගය ඇතිව බවයි බැසිල් රාජපක්ෂ මෙහිදී සඳහන් කළේ.
කිසිම දිනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව රැවැටීමක් සිදුකර නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
18
+1
1
+1
1
+1
2
+1
7














