Indian Premier League

අවවාද නොතකා විදුහල්පතිවරු හිතුමතේ දරුවන්ගේ ජිවිත අවදානමේ දමයි

පවතින අධික උණුසුම් කාලගුණය මත පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබියදී අද (14)දින ගාල්ල නගරයේ පිහිටි පාපන්දු ක්‍රිඩා පිටියේ පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර තිබෙනු දක්නට ලැබුණා.

පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බව අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඊයේ (13)දින යළිත් ලිපියක් යොමුකර තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයකටම තවදුරටත් මෙම උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අවදානම් මට්ටමේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලත් එවා ගණනකට නොගෙන මෙලෙස පාසල් ළමුන් පුහුණුවීම්වල යෙදෙන ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?