අවදානම මැද ගම්පහ වොලිබෝල් තරගාවලියක්.. ඇමතිත් යයි..

‘වර්තමානයේ සිටින තරුණ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ සැලසුම් රටේ ක‍්‍රීඩාවේ ප‍්‍රගමනයට ශක්තියක්’ යයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා පවසයි.

ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවති 34 වෙනි තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් තර`ගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහ, ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරරිසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘34 වෙනි තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් තර`ගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගීවෙන්න ලැබීම ඉතාමත්ම සතුටක් ලෙස සලකනවා. වොලිබෝල් ක‍්‍රීඩාව කියලා කියන්නේ අපේ රටේ ජාතික ක‍්‍රීඩාව. එක්දහස් නමසිය පනස් ගණන්වල ජාතික ක‍්‍රීඩාවලිය ආරම්භ උනාට පසුව දශක ගණනාවක් තිස්සේ ක‍්‍රමක් ක‍්‍රමයෙන් දියුණු වෙලා ඇවිත් ජාතික ක‍්‍රීඩාව බවට පත් උනත් වොලිබෝල් ක‍්‍රීඩාවට ලංකාවේ තව බොහෝ දුරක් යන්නට තිබෙනවා. අපි දන්නවා වොලිබෝල් කියන්නේ ලෝකයේ වසර 150 ක පමණ ඉතිහාසයක් තිබෙන පැරණි ක‍්‍රීඩාවක්. ඇමරිකාවේ තරුණ කි‍්‍රස්තියානි සංගමයේ විලියම් මෝගන් කියන මහත්මයෙක් එක්දහස් අටසිය අනූ ගණන්වල ආරම්භ කර ක‍්‍රමක‍්‍රමයෙන් දියුණුවෙලා ජාත්‍යන්තර තලයට ඇවිල්ලා ඔලිම්පික් ක‍්‍රීඩාව බවට පත් වූ මෙම කී‍්‍රඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනයන්නට අපි උත්සාහ කළ යුතුයි. අපි ඉතිහාසයේ ජාත්‍යන්තර තර`ගාවලි කිහිපයක් සාර්ථකව ක‍්‍රීඩා කරලා දිනලා තිබෙනවා.

මම විශ්වාස කරනවා අද අපේ වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ඉතාමත් දක්ෂ ක‍්‍රීඩකයෙක් වන ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ලංකාවේ ක‍්‍රීඩාව නගා සිටුවන්නට අපේ තිබෙන සැලැස්ම යටතේ අපට මීට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා. මම සතුටුයි දකින්නට මේ ඉන්න තරුණ තරුණියෝ ඒ ඒ දිස්ත‍්‍රික්කවලින් තර`ග කරලා දිස්ති‍්‍රික්කවල දක්ෂතම කණ්ඩායම් බවට පත් වෙලා අද මේ තර`ගාවලියට සහභාගී වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔබට අවශ්‍ය කරන පහසුකම් තවත් වැඩි කරලා රට පුරාම ඇති ක‍්‍රීඩාපිටි සඳහා ක‍්‍රීඩාංගන පහසුකම් ඇතුළු පුහුණුවීම් පහසුකම් ඇතිව සියල්ල සංවර්ධනය කරන්න. ඒ සඳහා ඉතාමත් හොඳ සැලැස්මක් ගරු ක‍්‍රීඩා ඇමතිතුමන් ල`ග තිබෙනවා. ඒ වගේම මම හිතනවා අද අලූතින් පත්වෙලා ඉන්න තරුණ සේවා සභාවේ සභාපතිතුමන් දමිත වික‍්‍රමසිංහ මහත්මයා ඔබට විශාල ශක්තියක්. එතුමා ගැන යමක් සඳහන් කරනවා නම් ජනාධිපතිතුමාගේ වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වවිදිහට අපිත් සමග දිගටම වැඩ කරලා සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරන්න අපත් සමග එකතු වෙච්ච ඒ මහත්මයාට තරුණ සේවා සභාව හරහා මේ රටට විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. මේ දරු දැරියන්ට විශාල ලෙස උදව් කළ හැකියි. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගේ පූර්ණ හැකියාව යොදවලා මේ අලූතින් ලැබුනු අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන මේ ක‍්‍රීඩාව නංවන්නට, තරුණ පරපුරට උදව් කරන්න කියලා.

ක‍්‍රීඩාවක් කියලා කියන්නේ රටට බොහොම අවශ්‍ය දෙයක්. තරුණ පරපුර කි‍්‍රයාශීලිව, හොඳ ශරීර සෞඛ්‍යයෙන් තබාගන්න එක රටට වැදගත්. ජනාධිපතිතුමාගේ රට ගැන තිබෙන ප‍්‍රධානතම අරමුණු හතර වන ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් කියන කාරණා පිළිබඳව තරුණ ඔබට විශාල වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කරන්නට අවශ්‍ය කරන සහය දෙන්නට අප සූදානම්. අප සියළු දෙනාම එකතු වෙලා ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට අපි හැකි පමණින් දායකත්වය ලබාදෙමු යැයි පැවසීය.

උදිත පුෂ්පකුමාර
මාධ්‍ය ලේකම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09