AFC Banner
AFC Banner
Empty Ad

අවදානම නොතකා නාරිගම වෙරළේ දිය නානන ගිය රුසියනුවෙක් මරුට

හික්කඩුව පොලිස් වසමේ නාරිගම මහජන වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික පුද්ගලයින් තිදෙනෙකු දිය වැලකට හසුව ඊයේ (21) පස්වරුවේ ගසාගෙන ගොස් තිබෙනවා.

එහිදී හික්කඩුව – නාරිගම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් මෙම පුද්ගලයින් තිදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක රුසියානු ජාතිකයෙක්.

දිය නෑමට නුසුදුසු බවට දැන්වීම් පුවරු යොදා වෙරළ තීරයේ රතු පැහැති අවදානම් කොඩි දමා තිබියදීත් ඒ බව නොතකා මෙම විදෙස් ජාතික පුද්ගලයා දිය නෑමට ගොස් සිටියදී, මෙම අනතුරට ලක්ව ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?