අවදානම නොතකා නාරිගම වෙරළේ දිය නාන්න ගිය රුසියනුවෙක් මරුට

හික්කඩුව පොලිස් වසමේ නාරිගම මහජන වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික පුද්ගලයින් තිදෙනෙකු දිය වැලකට හසුව ඊයේ (21) පස්වරුවේ ගසාගෙන ගොස් තිබෙනවා.

එහිදී හික්කඩුව – නාරිගම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් මෙම පුද්ගලයින් තිදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක රුසියානු ජාතිකයෙක්.

දිය නෑමට නුසුදුසු බවට දැන්වීම් පුවරු යොදා වෙරළ තීරයේ රතු පැහැති අවදානම් කොඩි දමා තිබියදීත් ඒ බව නොතකා මෙම විදෙස් ජාතික පුද්ගලයා දිය නෑමට ගොස් සිටියදී, මෙම අනතුරට ලක්ව ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54