​අවදානම් ප්‍රදේශවල පාසල් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කරනවා – අගමැතිනිය කියයි

​අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින් අනතුරුව, කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි පාසල් ප්‍රතිසංස්කරණය කිරීමටත්, අවදානම් සහිත පාසල් වෙනත් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

​’දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ජාතික පාසල නිරීක්ෂණය කිරීම සඳහා අද (24) පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

​පැවති තද සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටී මුළුමනින්ම හානි වූ, කැටවත්ත යෝධ උල්පත ප්‍රජා ශාලාවේ පවත්වාගෙන ගිය පෙර පාසල ද නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමිය, ආරක්ෂිත ස්ථානයක යළි එම පෙර පාසල ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා.

එමෙන්ම නායයෑම් හේතුවෙන් දැඩි හානි සිදු වූ පස්සර යූරි දෙමළ ප්‍රාථමික විද්‍යාලය ද අග්‍රාමාත්‍යවරිය විසින් නිරීක්ෂණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50