අලුත බැන්ද යුවළක් වියගහකට බැඳලා දඬුවම්දීලා (වීඩියෝ)

තරුණ යුවළක් වියගහකට බැඳ කුඹුරක් සීසෑමට සැලැස්වූ අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ඉන්දියාව තුළ සංසරණය වනවා.

සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙම වීඩියෝව පිළිබඳව මේ වනවිට බොහෝ පිරිසකගේ අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රායගඩා දිස්ත්‍රික්කයේ කන්ජමජිරා ප්‍රදේශයේ යුවළක් මෙලෙස හිංසනයට ලක්කර ඇති බවයි.

ප්‍රාදේශීය සමාජ සම්මතයන්ට පටහැනිව විවාහ වූ තරුණ යුවළකට දඬුවම් පැමිණීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස වියගහකට බැඳ කුඹුරක් සීසෑමට සලස්වා ඇති බවයි වාර්තා වන්නේ.

කලක සිට ආදර සම්බන්ධයක් පවතවාගෙන ගොස් ඇති මෙම තරුණයා සහ තරුණිය මෑතකදී විවාහ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් ගම්වැසියන් ඔවුන්ගේ තීරණයට විරුද්ධ වී ඇත්තේ මෙම තරුණයා සහ තරුණිය එකිනෙකා ඥාතීන්වීම හේතුවෙන් මෙම විවාහය ඔවුන්ගේ සිරිත් විරිත් අනුව තහනම් බව පවසමින්.

යුවළට දඬුවම් කිරීම සඳහා, මැර පිරිසක් ඔවුන්ව ලී වියගහකට බැඳ කුඹුරක් හරහා ඇදගෙන යාමට සලස්වා ඇති අතර, පුද්ගලයින් දෙදෙනෙකු තරුණයාට සහ තරුණියට කෙවිටකින් පහර දෙන ආකාරය ද වීඩියෝවේ දැක්වෙනවා.

මෙම ප්‍රසිද්ධ නින්දාවෙන් පසු, යුවළ ගමේ සිද්ධස්ථානයට ගෙන ගොස් ඔවුන්ගේ වරද ‘පවිත්‍ර’ කිරීම සඳහා පවිත්‍ර කිරීමේ චාරිත්‍ර ඉටු කිරීමට සැලැස්ව ඇති බවයි වාර්තා වන්නේ.

https://twitter.com/ndtv/status/1943628694733373919
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
54
+1
5
+1
2
+1
11
+1
5
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31