අලුත උපන් බිළිඳා පණ පිටින් වැළලූ මව රිමාන්ඩ්

අලුත උපන් බිළිඳෙක් නිවසක් පිටුපස වළදමා ඝාතනය කළ 36 හැවිරිදි කාන්තාවක් මරදන්කේණි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය, මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවට වයස අවුරුදු 05ක සහ 10ක තවත් දරුවෙන් දෙනෙක් සිටින අතර ඇය සැමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය පළමු වනදා අදාළ කාන්තාව නිවස තුළ දී මෙම දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර, පසුව එම බිළිඳා නිවස පිටුපසට ගෙනගොස් එහි වළක් කපා වළදමා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එලෙස වළදමා තිබූ බිළිඳු සිරුර ඊයේ (02) අයාලේ යන සුනඛයෙක් හාරා ගොඩට ගෙන එය ඇදගෙන යමින් සිටිය දී අසළ නිවසක කාන්තාවක් දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් පොලීසය සිදුකළ පරීක්ෂණ වලදී සැකකාර කාන්තාව මෙම බිළිඳා ප්‍රසූත කර ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර, ඉන් අනතුරුවයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනියම් සම්බන්ධයකින් මෙම බිළිඳා බිහි වූ බවට කාන්තාව විසින් හෙළිකර ඇති අතර, මාස 10ක් පුරාවට ගර්භනීභාවය සඟවාගෙන සිටි බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අදාළ බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කිලිනොච්චිය රෝහල් දී පැවත්වීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?