අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යයේ සාම්ප්‍රධායික වතාවත් ඊයේ උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ආරම්භ කෙරුණා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ගේ සතර වාහල්කඩ දී සමාරම්භක කිරි ආහාර පූජාව ඊයේ පෙරවරුවේ සිදු වුණා.

2022,23 මහ කන්නයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම උදෙසා අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබනවා.

56 වන වරටත් පවත්වන ජාතික අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් ඊයේ උදෑසන සතර වාහල්කඩයන්හි කිරි ඉතිරීම සිදු කළ අතර දවස පුරා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ශබ්ද පූජා පැවැත්වීම ද සිදු කරනු ලැබුවා.

අද උදෑසන කිරි ආහාර පූජාවෙන් පසු උදෑසන 7.30ට සිංහ කණුව රථ ගාල අබියසින් සහල් පාත්‍ර රැගත් පෙරහර ආරම්භ කිරීමට නියමිතයි. ඉන් අනතුරුව උදෑසන 8.30ට ජනාධිපතිතුවරයාගේ ප්‍රධානත්වයෙනුයි මහා පාත්‍රයට සහල් පිරවීම සිදු කරනු ලබන්නේ.

අලුත් සහල් මංගල්‍යය සඳහා දිස්ත්‍රික් 25න්ම සහල් රැගෙන එන අතර, සහල් එක්රැස් කිරීම සිදු කෙරුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?