AFC Banner
Empty Ad
Empty Ad

අලුත් මන්ත්‍රීන්ට අලුත් වාහන – ජාතික පුවත්පතක් කළ අනාවරණය

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත ජිප් රථ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන වල අවශ්‍යතාව පෙන්වා දෙමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් ද යොමු කළ බවද ටොයොටා ලංකා සමාගම විසින් ආනයනය කරනු ලබන මෙම වාහන කල්බදු පහසුකම් යටතේ ලබාගැනීමට යෝජිත බවද එහි සඳහන්.

මීට අමතරව, රජයේ හදිසි වාහන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගිලන්රථ 50ක් ,ඩබල් කැබ් රථ 50ක් සහ බවුසර් 50 ක් ද ඉහත පහසුකම් යටතේ ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බවත් එම පුවත්පත වාර්තා කර තිබෙනවා.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?